Contact Information

WhatsApp Us

මොනවද මේ MODDED Whatsapp?

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

WhatsApp කියන්නෙ මේ දිනවල හැමෝම භාවිතා කරන App එකක්. පණිවිඩ හුවමාරුවට, audio, video calls වලට වගේම file sharing වලටත් මේ App එක හැමෝම වගේ පාවිච්චි කරනවා. කලින් ලිපියක අපි WhatsApp වලට අලුතෙන් ආපු සහ එන්න නියමිත features කිහිපයක් ගැන කතා කරා. මීට අමතරව සමහර අය නිල නොවන WhatsApp modified apps පාවිච්චි කරනවා. එහෙම ප්‍රසිද්ධ modded apps දෙකක් තමා GBWhatsApp සහ FMWhatsApp. ප්‍රසිද්ධ වුනාට මේ Apps ඇත්තටම හොඳයිද? අද කතා කරමු ඒ ගැන.

GBWhatsApp

GBWhatsApp කියන්නෙ original WhatsApp එක modify කරල හදපු app එකක්. Original WhatsApp එකේ තියන සමහර limitations අයින් කරල සමහර features වැඩි දියුණු කරල තමා GBWhatsApp develop කරල තියෙන්නෙ. GBWhatsApp වල වඩාත් කැපී පෙනෙන feature එක තමා එක device එකක WhatsApp accounts දෙකක් පාවිච්චි කරන්න ඉඩ දීම. මීට අමතරව custom themes, hidden chat පහසුකම, story download පහසුකම, වඩාත් විශාල file send කිරීමේ හැකියාව, online status සැඟවීම, පින්තූර 10ට වඩා එකවර share කිරීමේ හැකියාව ඇතුලු තවත් පහසුකම් රාශියක් ඇතුලත්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

GBWhatsApp මගින් auto-reply කිරීමේ හැකියාව, පණිවිඩ schedule කිරීම, high-resolution pictures share කිරීමේ හැකියාවත් ලබාදෙනවා. සරලව කීවොත් GBWhatsApp කියන්නෙ original WhatsApp hack කරල හදපු app එකක්. Google Play Store තුල අපිට GBWhatsApp දැකගන්න පුලුවන් වෙන්නෙ නෑ, ඒ වෙනුවට වෙනත් තෙවන පාර්ශවික වෙබ් අඩවියකින් මේක download කරගන්න සිද්ද වෙනවා.

FEATURESGBWHATSAPPWHATSAPP
Status Characters LengthUp to 255 CharactersUp to 139 Characters
Document Sharing at one time10030
Media Sharing50 MB16 MB
Document Sharing200 MB64 MB
Block calls for Specific ContactsYesNo
Status CopyingYesYes
Documents Sharing in Pdf, Txt formatYesYes
Languages Supported45130
Blank Messages SendingYesNo
Theme ChangingYesNo
Auto-ReplyYesNo
HD ImagesYesNo
Photos sharing limit3090

FMWhatsApp

FMWhatsApp කියන්නෙ WhatsApp වල modified version එකක්, ඒත් එක්ක original app එකේ නැති පහසුකම් රාශියක් ලබාගන්න හැකියාව ලැබෙනවා. FMWhatsApp එකේ දකින්න ලැබෙන විශේෂ පහසුකම් කීපයක් තමයි වැඩි වුණු group member limit එක, photos වැඩි ගණනක් share කරගැනීමේ පහසුකම සහ වඩාත් විශාල files share කරගැනීමට හැකිවීමයි. මේ app එකේ දියුණු කරපු privacy features තියනවා, උදාහරණ විදිහට අපිට call කරන්න පුලුවන් contacts තෝරන්න මේ app එකේදි පුලුවන්, ඒ වගේම read message වලට ලැබෙන blue tick එකත් disable කරන්න FMWhatsApp තුලදි හැකියාව ලැබෙනවා. user community එකකින් පවත්වාගෙන යන themes 4000ක පමණ එකතුවක් බලාගන්නත් පුළුවන්.

FMWhatsApp තුලදි අංකයකට පණිවිඩයක් යවන්න ඒ අංකය save කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ අංකය app එකට ඇතුලත් කරල පණිවිඩ යවන්න පුලුවන්. සාමාජිකයන් 500ක group සාදන්නත් FMWhatsApp තුලදි පුලුවන්. එක වර photos 60ක් send කරන්නත් හැකියාව තියනවා. මේ app එකේ තියන වඩාත් විශේෂ පහසුකමක් තමයි last seen freeze කිරීමේ හැකියාව, මේ එක්ක ඇත්තට last seen සඟවන්න පුලුවන්. FMWhatsApp වලදි typing සහ recording notifications පවා off කරන්න හැකියාව තියනවා. මේ app එකත් තෙවන පාර්ශවීය වෙබ් අඩවියකින් තමා download කරගන්න පුලුවන්.

FeaturesFMWhatsAppWhatsApp
Hide Online StatusYesNo
Group500250
Media Sharing50 MB16 MB
Custom ThemesYesNo
Anti-Delete Status/StoriesYesNo
Freeze Last SeenYesNo
DND ModeYesNo
Airplane ModeYesNo
Security LockYesNo
Disable Forwarded TagYesNo
Disable CallingYesNo
Backup to Google DriveNoYes
Fast UpdatesNoYes

මේ modified apps භාවිතා කිරීම ආරක්ෂිතද?

ඇත්තටම මේ GBWhatsApp, FMWhatsApp apps දෙකම නීති විරෝධියි. මේව සරලව original WhatsApp වල clone versions. ඉතින් මේ වගේ apps පාවිච්චි කරන එක WhatsApp වල අපි පිළිගන්න කොන්දේසි වලට එරෙහිව යනවා. ඉතින් මේ හේතුව මේ modified apps වල පාවිච්චි කරන WhatsApp account එක ban වෙන්න හේතුවක්. WhatsApp ආයතනයත් මේ වගේ apps පාවිච්චි කරන accounts විශාල වශයෙන් ban කරන්න පටන් ඇරන් තියනවා. තවත් අනතුරුදායක දෙයක් තමයි මේ cloned apps වලින් විවිධ malware පැතිරීමේ හැකියාව ඉතා ඉහළ වීම. සමහර FMWhatsApp versions, Triada trojan කියන malware එක පැතිරෙන්න හේතු උනා කියන එක වාර්තා වෙලා තියනවා. මේ විදිහට malware පැතිරෙන්න හේතුවක් තමයි මේ apps ලබාගන්න බොහෝවිට හරි source එකක් නැතිවීම. ඒ හින්ද ඕන කෙනෙක්ට ඕන malware එකක් ඇතුලත් කරල මේ apps නිකුත් කරන්න පුලුවන්. මේ හේතුව නිසා GBWhatsApp, FMWhatsApp භාවිතා කිරීම TOS වලට පටහැනි වගේම අපිටත් පෞද්ගලිකව විශාල අනතුරක්.

පහසුකම් අඩු උනත් official WhatsApp භාවිතා කිරීම නුවණට හුරු වෙන්නෙ උඩ කීව කරුණු නිසා තමයි. වැඩි පහසුකම් වෙනුවෙන් අපේ WhatsApp account එක සහ privacy එක අනතුරට ලක් කිරීම කිසිසේත් වටින දෙයක් නෙවෙයි.

Share:

22 Comments

  • Ishan, September 13, 2021 @ 9:05 am Reply

    Supiriy ayye

  • Namal, September 13, 2021 @ 12:21 pm Reply

    හොද පෝස්ට් එකක්. ගොඩාක් දේවල් ගැන දැනුවත් උණා. ✌️💕💕💕

  • Ashen Nethsara, September 13, 2021 @ 1:26 pm Reply

    දැන් තියෙන official Whatsapp Version වල නිල් පාට ටික් දෙක වැටෙන එක නවත්තන්න පුළුවන්…

    • Malith, September 13, 2021 @ 1:37 pm Reply

      Kohomada e

      • Sachintha Madushanka, September 13, 2021 @ 3:07 pm Reply

        settings – privacy – read recitpts කියන එක off කරන්න

        • Lakindu, September 13, 2021 @ 5:53 pm Reply

          අපිටත් blue ticks පේන්නේ නෑ අනිත් අයගේ එතකොට

  • Hasindu Udra, September 13, 2021 @ 1:39 pm Reply

    ගොඩක් වටිනව.මේක ගැන හරියට දන්න ටික දෙනයි ඉන්නෙ.💛💛

  • Lakindu, September 13, 2021 @ 6:05 pm Reply

    fm එකේ කියපුවා Gb එකෙත් තියනවා
    Gb එකේ කියපුවා Fm එකෙත් තියනවා

    (අත්දැකීමෙන් කියන්නේ 😁)

    මොඩ් whatsapp පාවිච්චියට යන්නේ ගොඩාක් වෙලාවට whatsapp company එකේ තියන දුර්වලතා හින්දා කියලා තමා මම නම් කියන්නේ වට්ස්ඇප් කම්පැනිය දැනගන්න ඕන ඊට වඩා පහසුකම් අපිට දෙන්න මමත් ඔය කියන Gb,Fm වගේ ම Yo එකත් පාවිච්චි කරලා තියෙනවා කොහොමත් ඒවා පාවිච්චි කරපු කෙනෙක්ට ඔරිජිනල් එක දාගන්ඩ හිතෙන්නෙ නෑ privacy කෙසේ වෙතත් වට්ස් ඇප් එක customize කරගන්න පුළුවන් අපිට ඕනා විදිහට මම නම් කොහොමත් mode එකට කැමති ඒත් පාවිච්චි කරන්නේ ඔරිජිනල් එක (කලින් මොඩ් දාලා තියනවා තාමත් තියනවා හැබැයි ඒක එකට පාවිච්චි කරන්නේ නෑ වැඩිය
    අනිත් දේ තමයි spam වදින්නෙ නෑ වට්සැප් ස්පැම් කියන්නේ akuru 99 999 ක් විතර එකේ තියෙනවා එකක් ආවත් එක slow වෙනවා text විතරක් නෙමේ video , photo , location ඔය වගේ ඒවත් තියනවා ස්පෑම් වර්ග

    Whatsapp company එක දැන ගන්න ඕනා ඒවා develop කරන්න ඒ වගේම දැන් තියන whatsapp anty band විදිහට හදන්නේ ඒවාට බෑන්ඩ් වීම ගොඩාක් අඩුයි කියලයි තියෙන්නේ (මගෙ එකත් anty band)

    • Sudesh Bandara, September 14, 2021 @ 5:15 am Reply

      එකඟයි මගෙ යාලුවෙක්ගෙ නොවා 3එක මාස තුනක් දැන් ඔන් වෙන්නෙවත් නෑ spam wedila , මගෙ yo එක තියෙන්නෙ මට ස්පෑම් වැදුනද කියලාවත් දන්නේ නෑ

    • suppa TECH, September 19, 2021 @ 1:53 pm Reply

      යකෝ අපි මොඩ් ගහන උන් බොල

  • Darshana pethum, September 13, 2021 @ 8:24 pm Reply

    Nice post.

  • Ashen Rashmika, September 14, 2021 @ 2:33 pm Reply

    ow mamath mod eka use karanne dan official ekata maaru wenaawa ..
    kokatath hodai ne ..😎😎

  • Tharindu darshana, September 15, 2021 @ 4:09 am Reply

    Ethakota twin app enawa neda phone akatama aka aulak wenne nadda

  • SHEHAN, September 16, 2021 @ 9:32 am Reply

    මගේ Acc එකත් ban උනා.ඒක ගන්න අයේ මොනද කරන්න පුලුවන්

  • pramuditha, September 16, 2021 @ 11:56 pm Reply

    ayye WhatsApp acc 2k ekma 4n ekka tiyagnn barida

    • gahaah, September 17, 2021 @ 10:57 pm Reply

      Setings wala thiyanawa dual messenger kiyala ekak

      • Maheshan Sandaru, September 26, 2021 @ 5:21 pm Reply

        එහෙම එකක් SETTING වල නෑනේ

  • suppa TECH, September 19, 2021 @ 1:55 pm Reply

    අපිය බෑන්ඩ් උනත් එකයි.නැතත් එකයි.බොලව්.අපි only මොඩ්ස් ල බ්න්.😹😹😹

  • Sithija Yasiru, September 21, 2021 @ 5:02 pm Reply

    Hodata danuwath una ayya. Thanks. Thawa me wage articles one…

  • Maheshan Sandaru, September 26, 2021 @ 5:21 pm Reply

    එහෙම එකක් SETTING වල නෑනේ

Leave a Reply to suppa TECH Cancel reply

Your email address will not be published. Required fields are marked *