Perplexity AI ගැන මේ දවස් වල වැඩි කතාබහට ලක්වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් ලගදි නිකුත් කරපු Deep Research වැඩසටහන. ඒ විශේෂාංගය නිකුත් කරාට පස්සෙ ඔන්න දැන් Perplexity සමාගමෙන් ඔවුන් සංවර්ධනය කරපු browser එකක් ගැන ඉඟි පලකර තිබෙනවා.
X මගින් පණිවිඩයක් නිකුත් කර ඔවුන් පවසා තිබුනෙ Comet නම් ඔවුන්ගේ අලුත්ම browser එක ඉක්මනින් නිකුත් වෙන බවයි. Perplexity දැන් ප්‍රවේශ වෙන්න සැරසෙන්නෙ ඉතාමත් තරගකාරී app category එකකටයි. මොකද Chrome, Edge, Opera වැනි දැනට මුල්පෙලෙ සිටින browsers ගණනාවක්ම තිබෙන නිසා.
Perplexity සමාගමෙන් Deep research විශේෂාංගයට අමතරව පසුගිය දවස් වල Android සඳහා AI powered assistant වැඩසටහනක් සහ AI search සදහා API වැඩසටහනකුත් නිකුත් කරා. මේ සියල්ලක්ම ඔවුන්ගෙ Comet browser එකෙත් අඩංගු වේවි.
2022 වසරෙදි ආරම්භ කල Perplexity සමාගම මුලින්ම ඩොලර් මිලියන 500 මුදලක් රැස්කරා. දැනට සතියකට මිලියන 100ක් පමණ queries, Perplexity හරහා search වෙනවා.














Leave a comment