WhatsApp කියන්නෙ මේ දිනවල හැමෝම භාවිතා කරන App එකක්. පණිවිඩ හුවමාරුවට, audio, video calls වලට වගේම file sharing වලටත් මේ App එක හැමෝම වගේ පාවිච්චි කරනවා. කලින් ලිපියක අපි WhatsApp වලට අලුතෙන් ආපු සහ එන්න නියමිත features කිහිපයක් ගැන කතා කරා. මීට අමතරව සමහර අය නිල නොවන WhatsApp modified apps පාවිච්චි කරනවා. එහෙම ප්‍රසිද්ධ modded apps දෙකක් තමා GBWhatsApp සහ FMWhatsApp. ප්‍රසිද්ධ වුනාට මේ Apps ඇත්තටම හොඳයිද? අද කතා කරමු ඒ ගැන.
GBWhatsApp
GBWhatsApp කියන්නෙ original WhatsApp එක modify කරල හදපු app එකක්. Original WhatsApp එකේ තියන සමහර limitations අයින් කරල සමහර features වැඩි දියුණු කරල තමා GBWhatsApp develop කරල තියෙන්නෙ. GBWhatsApp වල වඩාත් කැපී පෙනෙන feature එක තමා එක device එකක WhatsApp accounts දෙකක් පාවිච්චි කරන්න ඉඩ දීම. මීට අමතරව custom themes, hidden chat පහසුකම, story download පහසුකම, වඩාත් විශාල file send කිරීමේ හැකියාව, online status සැඟවීම, පින්තූර 10ට වඩා එකවර share කිරීමේ හැකියාව ඇතුලු තවත් පහසුකම් රාශියක් ඇතුලත්.
GBWhatsApp මගින් auto-reply කිරීමේ හැකියාව, පණිවිඩ schedule කිරීම, high-resolution pictures share කිරීමේ හැකියාවත් ලබාදෙනවා. සරලව කීවොත් GBWhatsApp කියන්නෙ original WhatsApp hack කරල හදපු app එකක්. Google Play Store තුල අපිට GBWhatsApp දැකගන්න පුලුවන් වෙන්නෙ නෑ, ඒ වෙනුවට වෙනත් තෙවන පාර්ශවික වෙබ් අඩවියකින් මේක download කරගන්න සිද්ද වෙනවා.
FEATURES | GBWHATSAPP | |
Status Characters Length | Up to 255 Characters | Up to 139 Characters |
Document Sharing at one time | 100 | 30 |
Media Sharing | 50 MB | 16 MB |
Document Sharing | 200 MB | 64 MB |
Block calls for Specific Contacts | Yes | No |
Status Copying | Yes | Yes |
Documents Sharing in Pdf, Txt format | Yes | Yes |
Languages Supported | 45 | 130 |
Blank Messages Sending | Yes | No |
Theme Changing | Yes | No |
Auto-Reply | Yes | No |
HD Images | Yes | No |
Photos sharing limit | 30 | 90 |
FMWhatsApp
FMWhatsApp කියන්නෙ WhatsApp වල modified version එකක්, ඒත් එක්ක original app එකේ නැති පහසුකම් රාශියක් ලබාගන්න හැකියාව ලැබෙනවා. FMWhatsApp එකේ දකින්න ලැබෙන විශේෂ පහසුකම් කීපයක් තමයි වැඩි වුණු group member limit එක, photos වැඩි ගණනක් share කරගැනීමේ පහසුකම සහ වඩාත් විශාල files share කරගැනීමට හැකිවීමයි. මේ app එකේ දියුණු කරපු privacy features තියනවා, උදාහරණ විදිහට අපිට call කරන්න පුලුවන් contacts තෝරන්න මේ app එකේදි පුලුවන්, ඒ වගේම read message වලට ලැබෙන blue tick එකත් disable කරන්න FMWhatsApp තුලදි හැකියාව ලැබෙනවා. user community එකකින් පවත්වාගෙන යන themes 4000ක පමණ එකතුවක් බලාගන්නත් පුළුවන්.
FMWhatsApp තුලදි අංකයකට පණිවිඩයක් යවන්න ඒ අංකය save කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ අංකය app එකට ඇතුලත් කරල පණිවිඩ යවන්න පුලුවන්. සාමාජිකයන් 500ක group සාදන්නත් FMWhatsApp තුලදි පුලුවන්. එක වර photos 60ක් send කරන්නත් හැකියාව තියනවා. මේ app එකේ තියන වඩාත් විශේෂ පහසුකමක් තමයි last seen freeze කිරීමේ හැකියාව, මේ එක්ක ඇත්තට last seen සඟවන්න පුලුවන්. FMWhatsApp වලදි typing සහ recording notifications පවා off කරන්න හැකියාව තියනවා. මේ app එකත් තෙවන පාර්ශවීය වෙබ් අඩවියකින් තමා download කරගන්න පුලුවන්.
Features | FMWhatsApp | |
Hide Online Status | Yes | No |
Group | 500 | 250 |
Media Sharing | 50 MB | 16 MB |
Custom Themes | Yes | No |
Anti-Delete Status/Stories | Yes | No |
Freeze Last Seen | Yes | No |
DND Mode | Yes | No |
Airplane Mode | Yes | No |
Security Lock | Yes | No |
Disable Forwarded Tag | Yes | No |
Disable Calling | Yes | No |
Backup to Google Drive | No | Yes |
Fast Updates | No | Yes |
මේ modified apps භාවිතා කිරීම ආරක්ෂිතද?
ඇත්තටම මේ GBWhatsApp, FMWhatsApp apps දෙකම නීති විරෝධියි. මේව සරලව original WhatsApp වල clone versions. ඉතින් මේ වගේ apps පාවිච්චි කරන එක WhatsApp වල අපි පිළිගන්න කොන්දේසි වලට එරෙහිව යනවා. ඉතින් මේ හේතුව මේ modified apps වල පාවිච්චි කරන WhatsApp account එක ban වෙන්න හේතුවක්. WhatsApp ආයතනයත් මේ වගේ apps පාවිච්චි කරන accounts විශාල වශයෙන් ban කරන්න පටන් ඇරන් තියනවා. තවත් අනතුරුදායක දෙයක් තමයි මේ cloned apps වලින් විවිධ malware පැතිරීමේ හැකියාව ඉතා ඉහළ වීම. සමහර FMWhatsApp versions, Triada trojan කියන malware එක පැතිරෙන්න හේතු උනා කියන එක වාර්තා වෙලා තියනවා. මේ විදිහට malware පැතිරෙන්න හේතුවක් තමයි මේ apps ලබාගන්න බොහෝවිට හරි source එකක් නැතිවීම. ඒ හින්ද ඕන කෙනෙක්ට ඕන malware එකක් ඇතුලත් කරල මේ apps නිකුත් කරන්න පුලුවන්. මේ හේතුව නිසා GBWhatsApp, FMWhatsApp භාවිතා කිරීම TOS වලට පටහැනි වගේම අපිටත් පෞද්ගලිකව විශාල අනතුරක්.
පහසුකම් අඩු උනත් official WhatsApp භාවිතා කිරීම නුවණට හුරු වෙන්නෙ උඩ කීව කරුණු නිසා තමයි. වැඩි පහසුකම් වෙනුවෙන් අපේ WhatsApp account එක සහ privacy එක අනතුරට ලක් කිරීම කිසිසේත් වටින දෙයක් නෙවෙයි.
Comments (22)
Ishansays:
September 13, 2021 at 9:05 amSupiriy ayye
Namalsays:
September 13, 2021 at 12:21 pmහොද පෝස්ට් එකක්. ගොඩාක් දේවල් ගැන දැනුවත් උණා. ✌️💕💕💕
Ashen Nethsarasays:
September 13, 2021 at 1:26 pmදැන් තියෙන official Whatsapp Version වල නිල් පාට ටික් දෙක වැටෙන එක නවත්තන්න පුළුවන්…
Malithsays:
September 13, 2021 at 1:37 pmKohomada e
Sachintha Madushankasays:
September 13, 2021 at 3:07 pmsettings – privacy – read recitpts කියන එක off කරන්න
Lakindusays:
September 13, 2021 at 5:53 pmඅපිටත් blue ticks පේන්නේ නෑ අනිත් අයගේ එතකොට
Ashen Nethsarasays:
September 20, 2021 at 6:35 amOw ithin
Hasindu Udrasays:
September 13, 2021 at 1:39 pmගොඩක් වටිනව.මේක ගැන හරියට දන්න ටික දෙනයි ඉන්නෙ.💛💛
Lakindusays:
September 13, 2021 at 6:05 pmfm එකේ කියපුවා Gb එකෙත් තියනවා
Gb එකේ කියපුවා Fm එකෙත් තියනවා
(අත්දැකීමෙන් කියන්නේ 😁)
මොඩ් whatsapp පාවිච්චියට යන්නේ ගොඩාක් වෙලාවට whatsapp company එකේ තියන දුර්වලතා හින්දා කියලා තමා මම නම් කියන්නේ වට්ස්ඇප් කම්පැනිය දැනගන්න ඕන ඊට වඩා පහසුකම් අපිට දෙන්න මමත් ඔය කියන Gb,Fm වගේ ම Yo එකත් පාවිච්චි කරලා තියෙනවා කොහොමත් ඒවා පාවිච්චි කරපු කෙනෙක්ට ඔරිජිනල් එක දාගන්ඩ හිතෙන්නෙ නෑ privacy කෙසේ වෙතත් වට්ස් ඇප් එක customize කරගන්න පුළුවන් අපිට ඕනා විදිහට මම නම් කොහොමත් mode එකට කැමති ඒත් පාවිච්චි කරන්නේ ඔරිජිනල් එක (කලින් මොඩ් දාලා තියනවා තාමත් තියනවා හැබැයි ඒක එකට පාවිච්චි කරන්නේ නෑ වැඩිය
අනිත් දේ තමයි spam වදින්නෙ නෑ වට්සැප් ස්පැම් කියන්නේ akuru 99 999 ක් විතර එකේ තියෙනවා එකක් ආවත් එක slow වෙනවා text විතරක් නෙමේ video , photo , location ඔය වගේ ඒවත් තියනවා ස්පෑම් වර්ග
Whatsapp company එක දැන ගන්න ඕනා ඒවා develop කරන්න ඒ වගේම දැන් තියන whatsapp anty band විදිහට හදන්නේ ඒවාට බෑන්ඩ් වීම ගොඩාක් අඩුයි කියලයි තියෙන්නේ (මගෙ එකත් anty band)
Sudesh Bandarasays:
September 14, 2021 at 5:15 amඑකඟයි මගෙ යාලුවෙක්ගෙ නොවා 3එක මාස තුනක් දැන් ඔන් වෙන්නෙවත් නෑ spam wedila , මගෙ yo එක තියෙන්නෙ මට ස්පෑම් වැදුනද කියලාවත් දන්නේ නෑ
suppa TECHsays:
September 19, 2021 at 1:53 pmයකෝ අපි මොඩ් ගහන උන් බොල
Darshana pethumsays:
September 13, 2021 at 8:24 pmNice post.
Ashen Rashmikasays:
September 14, 2021 at 2:33 pmow mamath mod eka use karanne dan official ekata maaru wenaawa ..
kokatath hodai ne ..😎😎
Tharindu darshanasays:
September 15, 2021 at 4:09 amEthakota twin app enawa neda phone akatama aka aulak wenne nadda
SHEHANsays:
September 16, 2021 at 9:32 amමගේ Acc එකත් ban උනා.ඒක ගන්න අයේ මොනද කරන්න පුලුවන්
Ashen Nethsarasays:
September 20, 2021 at 6:37 amWhatsapp support walata gihin balanna
pramudithasays:
September 16, 2021 at 11:56 pmayye WhatsApp acc 2k ekma 4n ekka tiyagnn barida
gahaahsays:
September 17, 2021 at 10:57 pmSetings wala thiyanawa dual messenger kiyala ekak
Maheshan Sandarusays:
September 26, 2021 at 5:21 pmඑහෙම එකක් SETTING වල නෑනේ
suppa TECHsays:
September 19, 2021 at 1:55 pmඅපිය බෑන්ඩ් උනත් එකයි.නැතත් එකයි.බොලව්.අපි only මොඩ්ස් ල බ්න්.😹😹😹
Sithija Yasirusays:
September 21, 2021 at 5:02 pmHodata danuwath una ayya. Thanks. Thawa me wage articles one…
Maheshan Sandarusays:
September 26, 2021 at 5:21 pmඑහෙම එකක් SETTING වල නෑනේ