ඔබගේ පරිගණකය හෝ දුරකථනය මෘදුකාංග වශයෙන් අලුත් තත්වයෙන් පවත්වාගෙන යෑම සදහා එය “Up to Date” තත්වයෙන් තබා ගැනීම ඉතා වැදගත් වේ. මෙමගින් bug-fix කිරීමට , system optimizations සිදු කිරීමට, virus guard එක update කිරීමට සහ hardware වල drivers යාවත්කාලීන කිරීමට හැකි වේ. නවතම updates හරහා Windows, Android, iOS වැනි operating systems වෙතින් පැමිණෙන නවතම features ලබා ගැනීමට හා ඔබේ උපාංගයේ කාර්යක්ෂමතාවය හා සුරක්ෂිත බව ද වැඩි කරයි. මේවායෙ සංවර්ධකයින්ගේ අරමුණ වන්නේද power-efficient performance එකක් ලබා ගැනීම සඳහා optimized updates නිර්මාණය කිරීමටයි, එම Updates නිකුත් කරන low-end devices වලත් perform ව ක්‍රියාකරන ලෙස සංවර්ධනය කිරීම ඔවුන්ගෙ අරමුණයි.
මෙම updates වලට feedbacks ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තිබෙන නිසා bug Fix කිරීමට හා Useful features ඇඩ් කිරීමට එම Feedbacks software සංවර්ධකයන්ට උපකාරකයකි. මේ නිසා software’s upcoming versions වල ඔබගේ actual අවශ්‍යතාවලට අනුව විශේෂාංග නිර්මාණය වන අවස්ථා ද දක්නට ලැබේ. නමුත් මෙම සමහර bug සහිත updates නිසා ඔබට එදිනෙදා භාවිතයේ දී ගැටළු බොහොමයකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් beta වැනි සංස්කරණ නිකුත් කරන්නෙ සාමාන්‍ය පරිශීලකයන්ට නිකුත් කිරීමට පෙර මෘදුකාංගයේ තිබෙන දෝෂ හදුනා ගැනීමට ය. ඔබගේ මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති වලට අලුත්ම විශේෂාංග ලබා ගැනීමේ අරමුණින් මෙලෙස Beta සංස්කරන ලබා ගැනීම නම් අනුමත කිරීමට අපහසුය. මෙවැනි සංස්කරණ එදිනෙදා භාවිතා කරන උපාංග වලට ලබා ගැනීමට මා නිර්දේශ කරන්නෙ ද නැත. තවද සාමාන්‍ය පරිශීලකයන්ට ද Feature updates නිකුත් වූ විගසම එයට update වීම නිර්දේශ නොකරන අතර එය නිකුත් වීමෙන් පසූවත් ඇති ගැටළු සැකසූ පසූව update කිරීම මගෙ නිර්දේශයයි.
අවසන් වශයෙන්, updates වලින් license terms, data collection policies, හෝ third-party integrations වෙනස් විය හැකි නිසා නියමිත changes දැක්වෙන release notes හරහා විශ්වාසවන්ත අයුරින් සෙවීම වැදගත් වේ. නවතම විශේෂාංග සමග මෘදුකාංග යාවත්කාලීනව තබා ගනිමින් ඔබගේ පරිගණකය හා දුරකථනය smart, secure සහ responsive කරගන්න.














Leave a comment