Press ESC to close

Far Cry 6 ගැන හැමදේම (Part 1)

ඉතින් ඔක්තෝබර් 7 වෙනිදා Far Cry 6 නිල වශයෙන් release වෙනවා. වෙනදට game review එකක් අරගෙන එන මම අද වෙනසකටත් එක්ක upcoming game එකක් ගැන what do we know? ලිපියකින් අරන් එන්න ඕන කියල හිතුවා. කතාකරන්න මාතෘකා ගොඩක් තියෙනවා.හරියටම කිව්වොත් 17ක්.ඒක නිසා මම මේ article එක කොටස් දෙකකින් ලියන්න තීරණය කළා.

මුලින්ම අපි බලමු FarCry 6 ගැන brief introduction එකක්……

FarCry 6 හිදී අපේ චරිතය වෙන්නේ Dani Rojas (අපේ කැමැත්ත අනුව male හෝ female Dani ලෙස තෝරාගත හැකිය). Dani යනු කලක් හමුදා සේවය කරපු කෙනෙක්. විප්ලවවාදියෙක් සහ දැන් ගරිල්ලා සටන්කරුවෙක්. Yara නම් tropical island එක Anton Castillo නමැති ඒකාධිපති පාලකයාගේ පාලනයෙන් මුදවාගැනීම තමා Dani ගේ අරමුණ වෙන්නෙ. Libertad නම් අපේ මිතුරු ගරිල්ලා කණ්ඩායම සමග එකතු වී තම අරමුණ ඉටුකරගැනීම තමා Dani ගේ ඉලක්කය වෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

Map of Yara

  • FarCry series එකේ විශාලතම map එක තමයි මේ FarCry 6 වල එන Yara වල map එක. Yara වල map එක ප්‍රධාන region 5 කට බෙදලා තියෙනවා.ඒ වගේම මේ region 5 ත් ආයෙමත් subregion 15 කට බෙදලා තියෙනවා.ඉතින් මේ subregion 15 තියෙන missions වලට අවතීර්ණ වෙන්න, ඒ වගේම ඒවා explore කරන්න recommend කරපු power level system එකක් තියෙනවා(ගේම් එක පටන්ගත්ත ගමන් low power level එකක් තියාගෙන Esperanza වගේ high rank region එකකට ගියොත් එක වෙඩිපහරකින් මැරෙන්න පුලුවන්).ගේම් එක පටන්ගන්නෙ පොඩිම region එක වෙන Isla Santuario වලින්.මේ region එක පුරාවටම අපිට Yara වල ජීවිතය ගෙවන ආකාරය, surviving skills, weapon crafting, workbenches ආදී මූලික කරුණු පිලිබඳ tutorials වගේ තමා missions ලැබෙන්නෙ
  • මේ මුල්ම island එක අපේ main villain වන Anton Castillo ගේ blockade එකකින් වටකරලා තියෙන නිසා මේ මුල්ම region එකේ missions සියල්ල complete කරනකන් අපිට අනිත් regions වලට යන්න බැරිබවත් මතක් කරන්න ඕන.

Exploration and Travel

  • අතිවිශාල වපසරියක පැතිර ඇති Yara හි map එක ගවේෂණය කිරීමට ලේසිම ක්‍රමය හෙලිකොප්ටරයකින් වැනි ගුවන් ගමනකින්.නමුත් FarCry 6 වල මීට කලින් වෙනත් කිසිම FarCry game එකක නොතිබුණ air defense system එකක් හඳුන්වාදීලා තියෙනවා.ඒක නිසා අපිට region එකක් explore කරන්න කලින් අනිවාර්යයෙන්ම anti-aircraft guns විනාශ කරන්න සිද්ධවෙනවා.
  • Wingsuit, grappling hook එක වගේම safe landing සඳහා parachute එකක්ද FarCry 6 තුළදී අපට හිමිවෙනවා.
  • විවිධ islands වලට යාම සඳහා බෝට්ටු සහ Jet skis ද FarCry 6 තුළ අඩංගුවෙනවා.
  • FarCry 6 වලට හදුන්වාදීපු තවත් අලුත් feature එකක් තමා map එකේ තිබෙන Guerilla paths. ඒ කියන්නෙ map එකේ කැලය හරහා තිබෙන අඩිපාරවල්( shortcuts). ඉතින් මේවා හරහා යනකොට Anton Castillo ගේ හමුදාවට හසුවෙන්නෙ නැතුව ගමනාන්තයට ළඟාවෙන්න පුලුවන් .
  • ආයුධ සන්නද්ධ වාහනද මෙහිදී අපට දැකගන්න පුලුවන් .ඒවා අපිට කැමති ආකාරයට customize කිරීමද කරන්න පුලුවන් (ඊලඟ part  එකේදී මේ ගැන වැඩිදුර කතාකරමු).
  • ඒ වගේම අශ්වයො අපිට භාවිත කරන්නත් FarCry 6 තුළ අපිට හැකියාව තියෙනවා.
  • විවිධ army checkpoints වල බලය තහවුරු කරගෙන fast travel locations අපිට unlock කරගන්නත් පුලුවන් .

Ranking

  • Rank කියල කියන්නෙ අපේ protagonist ගෙ (Dani Rojas) power level එක. ඉතින් මේක වැඩිකරගෙන තමා game එකේ ඉදිරියට යන්න ඕන.ඒකට හේතුව game එක අපි ඉදිරියට කරගෙන යනකොට හමුවෙන enemies ලා අපිට වඩා ගොඩක් high rank එකක වුනොත් ඔවුන්ව defeat කරන එක අමාරුවෙන නිසා.

Dani Rojas ගෙ rank එක වැඩිකරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා

  • Main story missions complete කිරීම.
  • Enemy checkpoints, FND bases වල බලය තහවුරු කරගැනීම.

Checkpoints, FND bases and Hideouts

  • FarCry 6 හි අපට හමුවෙන enemy camp වර්ග 3කි.මේවා complete කිරීමෙන් විවිධ වූ weapons craft කිරීමට materials සොයාගත හැකි අතර rank එක වැඩිකරගැනීමටද හොඳම ක්‍රමයකි.
  • Hideouts: – කුඩා ප්‍රමානයේ enemy camp එකකි.
  • Checkpoints: – මධ්‍යම ප්‍රමාණයේ enemy camp එකක් වන අතර සියලුම enemies ලා eliminate කර අසල තිබෙන Anton Castillo ගේ රුව සහිත Billboard එක විනාශකිරීමෙන් මේවා complete කළ හැක.
  • FND bases: – විශාල enemy bases වන අතර enemy soldiers ලා වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මේවාදීය. පෙර සඳහන් කළ anti-aircraft guns පිහිටා ඇති enemy camps මේවාය.

No skills, Weapon perks and mods, Gear perks and mods

  • FarCry series එකේ මුල්ම වතාවට FarCry 6 හිදී අපිට skills section එක දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට weapon and gear mods සහ perks දක්නට ලැබෙනවා( Article එකේ ඊලඟ part  එකේදි මේ ගැන තවදුරටත් බලමු).

Transport

  • Missions සඳහා ඒ අදාළ ස්ථානයට යෑම සඳහා අපට ක්‍රම රාශියක් FarCry 6 තුළ අපට දක්නට ලැබෙනවා,
  • Explore කිරීමට කැමති කෙනෙකුට පයින් වුවද missions සඳහා යාමට හැකිය.
  • Quick weapon menu එකෙන් අපගේ vehicle list එකේ තිබෙන කැමති vehicle එකක් අප සිටින ස්ථානයට deliver කරගත හැකිය.
  • අශ්වයන් ගෙන්වාගැනීම සඳහා වෙන්වූ ස්ථාන දැකිය හැකි අතර මෙම ස්ථානයෙන් අපේ list එකේ සිටින කැමති අශ්වයෙක් තෝරාගෙන ගෙන්වාගත හැකිය.
  • මේ transport ක්‍රම list එකට ඇතුළත් කරගැනීමටද FarCry 6 තුළ අපට අලුත් ක්‍රමයක් බලාගන්න පුලුවන්.එනම් අප කැමති transport එකක්(අශ්වයන් හෝ වාහන)අපගේ phone එක මගින් scan කිරීමෙන් ඒවා transport list එකට ඇතුළත් කරගත හැකිය( Anton Castillo සතු දේපලවලට එසේ කළ නොහැක).

Amigos for hire

  • FarCry 5 හා FarCry New Dawn වල දක්නට ලැබුන guns for hire අපට FarCry 6 හිදී Amigos for hire ලෙස හමුවෙනවා. දැනට Guapo නමැති කිඹුලා, Chorizo නමැති සුනඛයා සහ Chicarron නමැති කුකුළා මෙලෙස amigos ලෙස තහවුරු වී ඇත.
  • එසේම ඔවුන්ට විවිධ වූ abilities ඇති අතර ඒවා වැඩි දියුණුකිරීමට හා ඔවුන්ගේ එම skills ප්‍රායෝගිකව භාවිතයට ගැනීමටද අපට හැකිය.

Co-op gameplay

  • ඔව්. Two player Co-op gameplay system එක FarCry 6 වලට ඇතුළත් කරල තියෙනවා.

ඉතින් article එකේ දෙවෙනි කොටසෙන් FarCry 6 වලට අවශ්‍ය system requirements, game එකේ තියෙන weapons, vehicles සහ තවත් තොරතුරු කතාකරමු.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *