- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Windows 11 22H2 Update එකත් එක්කම Windows 11 Student Edition එකට නිර්මාණය කරපු ලස්සන Themes කීපයක් Microsoft සමාගම විසින් එයට එකතු කරල තියෙනව. නමුත් මේව Windows 11 – Pro / Home Users ලට ලබාගන්න විදිහක් තිබුනෙ නැහැ. නමුත් පුංචි Registry Edit එකක් හරහා මේ Themes ඔයාටත් දැන් Enable කරගන්න පුළුවන්.

Windows 11 Hidden Theme Enable කරන හැටි

  • Windows 11 වලදි Windows+R key press කරල Run Dialog එක ගන්න
  • එහෙමත් නැත්නම් Start එකේ Run විදිහට Type කරලත් මේක ගන්න පුළුවන්
  • දැන් මේ Run Command එකේ Regedit විදිහට Type කරල Enter කරන්න
  • දැන් Administrator Authentication එකක් අවශ්‍ය වෙනව.
  • මේකෙන් HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\PolicyManager\current\device තැනට යන්න
  • Device මත Right Click කරල New –> Key එකක් හදන්න
  • මේ Key එක Education කියල නම් කරන්න
  • මේ අළුත් Key / Folder එක උඩ Right click කරල New –>DWORD(32bit) Value එකක් හදන්න
  • මේක EnableEduThemes විදිහට නම් කරන්න
  • දැන් දකුණු පැත්තෙ හැදුන මේ DWORD එක උඩ Right Click කරල හෝ Doublw Click කරල – Value එක – 1 කරන්න
  • Registry Editor එක Close කරල Restart කරන්න.

Restart එකෙන් පස්සෙ Settings – themes වල අළුත් Themes ටික ඇති. හැබැයි Windows 11 Update වෙලා නැත්නම්, මේ අළුත් Themes ටික Download වෙන්න Internet Connection එකක් ඕන වෙනව.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

මේ කිසිම දෙයක් නොකර අළුත් Wallpapers ටික ඔයාට ඕන නම් පහතින් Download කරගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here