Home Tech News Phones නැවත නොඑන Xiaomi Mi Brand එක
PhonesTech News

නැවත නොඑන Xiaomi Mi Brand එක

Share
blank
Share

Xiaomi ආයතනය තමන්ගෙ දුරකථන සමහරක් අන්තර්ජාතිකව අලෙවි කරන්නෙ “MI” වෙලඳනාමය යටතේ. මේ Xiaomi දුරකථන පසුගිය මාස කිහිපය ඇතුළත අලෙවිය අනුව ලෝකයේ පලමු ස්ථානය ලබාගෙන තියනවා. ඒ එක්කම ලඟදි දවසක ලැබුනු ආරංචි අනුව Xiaomi ආයතනය තමන්ගෙ සුප්‍රසිද්ධ Mi වෙලඳනාමය ඉවත් කරන්නයි යන්නෙ.

Xiaomi ආයතනයේ මාධ්‍යප්‍රකාශක ප්‍රකාශ කරන විදිහට තමන්ගෙ ආයතනය “Mi” වෙලඳනාමය smartphones වලින්, smart home devices වලින් සහ වෙනත් නිශ්පාදන වලින් අයින් කරන්නයි සූදානම් වෙන්නෙ. මේ තීරණය ගැන hint එකක් ලඟදි release වුන දුරකථනයක් වෙච්ච “Xiaomi Mix 4” දිහා බලද්දිත් දකින්න පුලුවන්. මේක දුරකථනය කලින් හැඳින්වුනේ “Mi Mix 4” විදිහටයි.

මේ වෙලඳනාම වෙනස් කිරීම දැනට “Mi” branding යටතෙ නිකුත් වෙච්ච product වලට බලපාන්නෙ නෑ. නමුත් ඉදිරියේදි “Mi” branding එක තියන product කිසිවක් අපිට Xiaomi මගින් දකින්න නොලැබේවි. පසුගිය මාස කිහිපයෙදි Xiaomi ආයතනය ලැබූ විශාල වර්ධනය නිසා Xiaomi කියන නමට කවදටත් වඩා ප්‍රසිද්ධියක් ලැබිල තියනවා. Xiaomi ආයතනයේ මවු රට වෙන චීනයෙත් මේ “Mi” වෙලඳනාමය ඉවත් වීම බලාගන්න පුලුවන්.

Xiaomi සමාගම විසින් නිකුත් කළ Mi වෙළඳ නාමය දරා ගත් පළමු නිෂ්පාදනය ඇත්ත වශයෙන්ම ස්මාර්ට් ජංගම දුරකතනයක් නොවූවත් එය ඒ හා සම්බන්ධ වූවකි. ඒ Android මෙහෙයුම් පද්ධතිය පාදක කර නිර්මාණය කළ MIUI මෙහෙයුම් පද්ධතියයි. 2011 අගෝස්තු මාසයේ දී Mi 1 සමග පළමු Mi ස්මාර්ට් දුරකථනය එළි දැක්වූ අතර, එතැන් පටන් ස්මාර්ට් දුරකථන සඳහා මෙන්ම  රූපවාහිනි යන්ත්‍ර, Laptops, ශීතකරණ, Air Fryer උපකරණ, Smartwatches, ස්කූටර්, රොබෝ යන්ත්‍ර, Hair dryer උපාංග, IoT (Internet of Things) උපාංග, Smart Home තාක්ෂණික උපාංග ඇතුළු විවිධ නිෂ්පාදන Miසන්නාමය යටතේ වෙළඳපොලට නිකුත් කරන ලදී.

නවතම වෙනසත් සමඟ, Xiaomi Corporation සමාගම තම ප්‍රධාන සන්නාමය ලෙස Xiaomi සමඟ Redmi හා POCOඋප-සන්නාම යටතේ තම නිෂ්පාදන ලෝක වෙළඳපොළට නිකුත් කරනු ඇත.

ආයතනයට ගෝලීයව ලැබුන විශාල වර්ධනය මේ product names වෙනස් කිරීමට හේතු වෙන්න ඇති. කොහොම උනත් ලෝකයේම 1 වෙන brand එක වෙනස් වෙනස් නම් පාවිච්චි කරනවට වඩා එකම නමක් තමන්ගෙ නිශ්පාදන වලට යොදාගන්න එක හොඳ අදහසක්. මේ තීරණය Xiaomi ආයතනයේ අනිත් brands දෙක වෙන “Poco” සහ “Redmi” වලට බලපාන්නෙ නෑ.

2021 තුන්වන කාර්තුවේ ඉඳන් මේ වෙලඳනාම වෙනස්වීම සිදුවේවි. ඒත් එක්කම ලෝකය පුරා තියෙන Mi Stores වලත් නම “Xiaomi Stores” ලෙස වෙනස් වේවි.

Xiaomi Corporation හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වූ Lei Jun වරක් සමාගමේ නමේ ආරම්භය ගැන අදහස් දැක්වීය. ඔහු පවසන ආකාරයට “Xiaomi” යන නාමය සෑදී ඇත්තේ “කුඩා” යන අර්ථය ඇති “Xiao” චීන වචනයත්, කුඩා බීජ සහිත ධාන්‍ය බෝගයක් වන “Millet (මෙනේරි)” හි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයේ “Mi” කොටසත් සමඟ එකතුවක් ලෙසිනි. ඒ “බෞද්ධයෙකුගේ සහල් ඇටයක් කන්දක් තරම් ශ්‍රේෂ්ඨ ය” යන සංකල්පය හඟවමිනි. එයින් අදහස් වන්නේ තම සමාගම ඉදිරියේදි විශාල යමක් කිරීමට පෙර කුඩා දේ කෙරෙහි අවධානය යොමු කළ බවයි.

එසේම “Mi” යන්නේ අරුත සම්බන්ධයෙන් තවත් කරුණු 2 ක් පවතී. ඒ “Mobile internet” සහ “Mission impossible” වදනයි. ඒ ජංගම අන්තර්ජාල (mobile internet) සමාගමක් ලෙස තම සමාගමේ නිෂ්පාදන භාවිතා කරමින් පරිශීලකයාට “කළ නොහැකි (impossible)” ලෙස සලකන බොහෝ කාර්යයන් සම්පූර්ණ කිරීමට හැකි බව “Mi” යනුවෙන් ඇඟවෙන බවටයි. 

Share

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...