Spotify වෙතින් අලුත් විශේෂාංගයක් හදුන්වාදී තිබෙනවා. ඒ තමයි music video play කිරීමේ හැකියාව. ඔවුන් මේ විශේෂාංගය මේ වනවිට රටවල් 85ක් සදහා ලබාදී තිබෙනවා. කෙසේ නමුත් ඒ අතරට තවමත් ශ්‍රී ලංකාව අයත් වෙන්නෙ නැහැ. ඒවගේම මේ විශේෂාංගය භාවිතා කල හැක්කෙ Spotify premium සංස්කරණය භාවිතා කරන පරිශීලකයන්ට පමනයි.
මේ විශේෂාංගය භාවිතා කරන්න ඇප් එකෙ සැකසුම් කිසිවක් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ගීතයක් play වෙනකොට අලුත් ඔප්ශන් එකක් ඔබට දැකගන්න ලැබෙනවා. ඒ “Switch to video” නමින්. එය මත ක්ලික් කිරීමෙන් ඔබට music video එකක් landscape mode එකෙන් ප්ලේ කරගැනීමේ හැකියාව තිබෙනවා.
YouTube Music ඇප් එකෙ තිබෙන විශේෂාංගයට සමානව මෙයත් නිර්මානය කර තිබෙනවා. මීට අමතරව තවත් short loop video විශේෂාංගයක් Spotify ඇප් එකෙ මේ වනවිට තිබෙනවා. ඒ Canvas විශේෂාංගයයි. පොඩි video clip එකක් මෙලෙස loop එකක් ලෙස ගීතයක් ධාවනය වෙද්දි background එකෙන් දිස්වන අතර මෙම විශේෂාංගයද තවමත් ශ්‍රී ලංකාවට ලබාදී නැහැ.














Leave a comment