OpenAI සමාගමෙන් නිකුත් කරන ChatGPT අපිට මෙතෙක් පරිගණකයෙන් භාවිතා කරන්න පුලුවන් උනේ වෙබ් අඩවිය හරහා පමනයි. නමුත් දැන් ඔවුන් Windows app එකක් මේ සදහා නිකුත් කර තිබෙනවා. එය දැන් ඔබට Microsoft store එක හරහා බාගත කරගන්න පුලුවන්.
මේ ඇප් එක Windows 11 සහ 10 යන මෙහෙයුම් පද්ධති දෙක සදහාම සහය දක්වනවා. මේ ඇප් එක Alt + Space shortcut එක භාවිත කරල පහසුවෙන් ඕපන් කරගන්න පුලුවන්. මේ ඇප් එකත් වෙබ් අඩවියෙන් වැඩ කරනවා හා සමානව වැඩ කරනවා. මේ ඇප් එක තවත් window එකකින් අප වැඩ කරන විට ඒ මතින් ඕපෙන් කරගෙන multitasking වැඩ කරගන්න පුලුවන්. ඒ වගේම අපිට ෆයිල්ස් ඇඩ් කරගන්න drag & drop පහසුකම යටතේ කරගන්න පුලුවන්.

සමස්තයක් වශයෙන් ගත්තම, OpenAI මේ විදියට ඇප් එකක් නිර්මාණය කිරීමේදී Microsoft සමාගමට වඩා හොඳට නිර්මාණය කර තිබෙනවා. එය අඩු මතකයක් ලබාගන්නා අතර CPU භාවිතයත් ඉතාමත් අඩුවෙනුයි ලබාගන්නෙ. කෙසේ නමුත් මෙම ඇප් එක දැනට භාවිතා කරන්න පුලුවන් ChatGPT Plus, Team, Enterprise, සහ Education සංස්කරණය බාවිතා කරන පරිශීලකයන්ට පමනයි.














good.