Home Tech News Brave සේවකයින් 27 ඉවත් කරයි !
Tech News

Brave සේවකයින් 27 ඉවත් කරයි !

Share
blank
Share

Web Browser එකක් වන Braveඅයත් සමාගම විසින් එහි දේපාර්තමේන්තුවල වැඩකටයුතු කළ සේවකයන් 27 දෙනෙකු සේවයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ.මෙලෙස සේවකයින් ඉවත්කිරීම පිලිබදව Brave සමාගම තහවුරු කලත් එයට හේතුව හෝ එහි මුළු සේවක සංඛ්‍යාව හෝ ඔවුන් ප්‍රකාශ කර නොමැත.

කෙසේ වෙතත් PitchBook වෙබ් අඩවිය අනුමාන කරන්නෙ Brave හි සේවකයන් 191 පමණ සිටින බවත් එයින් 14%පමණ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.මෙලෙස Brave සමාගම රැකියා කප්පාදුවක් සිදුකරන්නෙ 2022 ඔක්තෝම්බර් මාසයේදී එහි මුළු ශ්‍රම බලකායෙන් 9% ක් ඉවත් කර මාස 10කට පසුව වීමද විශේෂත්වයකි.එහිදී සමාගම ප්‍රකාශ කරේ “මෙම අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පිරිවැය කළමණාකරනය කප්පාදුවට හේතු වූ බවයි.”

Brave සමාගම මෙම වසරේදී සිය නිශ්පාදනයන් සමග Ai වෙත වඩාත් නැඹුරු විය.සමාගම Leo නම් Ai Chatbot කෙනෙකුද හදුන්වා දුන්නේය.එය Desktop, Android, iPad, iPhone ඇතුළු සියලුම උපාංග වෙත බෙදාහැරියේය.ඉන් පසු එය Brave Browser හි සෙවුම් ප්‍රථිඵල සමග ඒකාබද්ධ කරන ලදී.මෙලෙස Brave සමාගම Ai කේන්ද්‍ර කරගත් විශේෂාංග සංවර්ධනයට වැය කල පිරිවැය විස්තර කර නොමැති අතර , එම පිරිවැය මෙම සේවක කප්පාදුවට සම්බන්ධද නැද්ද යන්න පැහැදිලි නැත.

SourceTechCrunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...