Press ESC to close

The Matrix Awakens- an Unreal Engine 5 Experience

Unreal Engine and latest version

Epic games මගින් develop කරන, game development engine එකක් වන Unreal engine ලෝකයේ ප්‍රසිද්ධ game engine එකකි.1998දී ආරම්භ කෙරුණු මෙය පළමු වතාවට use කරනලද game එක වූයේ 1998දී නිකුත්වූ first-person shooter game එකක් වන unreal තුළයි.වර්තමානය වනවිට මෙය game industry, film හා TV industries වලටද නැතුවම බැරි engine එකක් බවට පත්ව ඇත.මෙහිදී C++ computer language එක භාවිත වේ.ප්‍රධාන වශයෙන් මෙය game industry එකෙහි භාවිතවන අතර 1st-person,3rd-person,action role-playing ආදී විවිධ games develop කිරීමට මෙම game engine එක ඉතා වැදගත් වේ.

Get Your Site Up with A2 Hosting

Unreal engine 5 යනු මෙම Unreal engine එකෙහි නවතම version එකයි. මෙමගින් game developers ලාහට ඔවුන්ගේ projects නවතම මුහුණුවරකින්,නවතම features භාවිතයෙන් ඉදිරිපත් කළ හැක. Early access සඳහා 2021 මැයි 26 දින release වූ මෙහි full launch එක මෙම වසරේ ඉදිරි මාස කිහිපය ඇතුළත release වීමට නියමිතය.

The Matrix Awakens

The game awards 2021 show එකෙහි reveal කරනු ලැබූ “The Matrix Awakens” යනු tech demo එකකි. එනම් visual presentation එකකි. මෙය ලොව කැළඹූ විද්‍යාත්මක Theory එකක් වන Simulation Hypothesis theory එක එනම් “ලෝකයේ අප දකින, අත්විඳින සියල්ල මායාවක් පමණි,අප ජීවත්වන්නේ computer simulation එකක් තුළය යන theory එක feature කරමින් නිර්මාණය වූ The Matrix film series එක අලලා නිමවී ඇත.

මෙය දෙසැම්බර් 10 වනදා PlayStation 5,xbox series x හා s සඳහා නිකුත්විය. Unreal engine 5 මගින් නිර්මාණය කරනලද මෙම demo එක සඳහා Epic games, Warner bros මෙන්ම The Matrix moviemaking team එකෙහි Lana Wachowski හා The Matrix film එකෙහි ප්‍රධාන නළු නිළියන් වන Keanu Reeves හා Carrie-Anne Moss යන අයද දායක වී ඇත. The Matrix Awakens යනු පරිගණක ක්‍රීඩාවක් නොවන අතර එය Unreal engine 5 හි power එක සහ gaming graphics කොපමණ දියුණුවක්, කොපමණ realistic බවක් ලබාඇත්දැයි නිරූපණය කිරීමට මෙන්ම ඉදිරි වසර තුළ නිකුත්වන Unreal engine 5 භාවිතයෙන් නිකුත්වන games කුමන මුහුණුවරක් ගනීදැයි නිරූපණය කිරීමට කරනලද demonstration එකකි.

The Matrix Awakens features

  • The Matrix Awakens ආරම්භ කරන ඔබට පළමුවෙන්ම දැකගැනීමට හැකිවන්නේ ඉතාමත් realistic cutscene එකකි. ඉන්පසු ඔබට මුල්ම වතාවට මෙහි play කිරීමට ලැබෙන්නේ car chase sequence එකක shooting scene එකකි.ඉන්පසුව අපට Matrix Awakens හි විශාල map එක free roam කළ හැකිය.
  • The Matrix Awakens හි missions අඩංගු නොවන නමුත් open world එක explore කිරීම අපට කළහැකිය. වාහන මගින් free roam කිරීම හෝ පියෑඹීම මගින් world එක explore කිරීමද කළහැකිය.
  • The Matrix Awakens හිදී ඔබට විවිධ settings adjust කිරීම කළහැකි අතර එම changes, Matrix Awakens හි world එකට බලපාන අයුරු දැකගත හැකිය. මෙම changes අතර සූර්යයාගේ position එක වෙනස්කිරීම,නගරයේ crowd හා vehicles density එක වෙනස්කිරීම ආදිය ඇත.එසේම world settings හි ඇති Nanite view එක වෙනස් කිරීම මගින් The Matrix films වලදී Neo ට simulation එක පෙනෙන ආකාරයට අපට දැකගත හැක. Unreal engine 5 හි ඇති chaos physics system, ray tracing තාක්ෂණය සඳහා Lumen dynamic global illumination system, world partition system වැනි features රාශියක් මෙම Matrix Awakens demo එක සඳහා ඇතුළත් කර ඇත.
  • වර්ග කිලෝමීටර් 15.79ක වපසරියක පිහිටි Matrix Awakens හි open world map එක 260km ක මාර්ග, 512km ක පදිකවේදිකා,මංසන්ධි 1248ක්,වාහන 45073ක්ද එමගින් drive කළහැකි වාහන 38146ක්,පදිකයන් 35000ක්,ගොඩනැගිලි 7000ක් සහ වීදිලාම්පු 27848කින් සමන්විතය.

The Matrix Awakens vs Reality

Unreal engine 5 භාවිතයෙන් නිමවූ The Matrix Awakens සහ යථාර්තය අතර සංසන්දනයක් පහත දැක්වේ……

The Matrix Awakens Gameplay

The Matrix Awakens හි gameplay එකක් ඔබට පහත video එකෙන් නැරඹිය හැකිය….

Film series එක මගින් ලොව කැළඹූ Simulation hypothesis එක නිරූපණය කිරීමටත් The Matrix Awakens මගින් ඊලඟ පරම්පරාවේ computer graphics කෙතරම් දියුණුදැයි නිරූපණය කිරීමටත් The Matrix සන්නාමයම භාවිතවීම විශේෂ එමෙන්ම පුදුමය දනවන කරුණකි. එසේම The Matrix Awakens හි graphics සලකා බැලීමේදී “Simulation theory එකේ සත්‍යාසත්‍යභාවය පිළිබඳ නැවත සිතාබැලිය යුතුය”,යන ඔලුව අවුල් කරන ආකාරයේ කරුණද පැන නගී.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *