Home Tech News Internet Google Chrome මත Google Lens නිකුත් කිරීමට සූදානම් වේ.
InternetTech News

Google Chrome මත Google Lens නිකුත් කිරීමට සූදානම් වේ.

Share
blank
Share

Google Lens කියන්නෙ Android දුරකථන මත තියන හුඟක් ප්‍රයෝජනවත් tool එකක්. ඒක පාවිච්චි කරල කැමරාවෙ viewfinder එකෙන් පෙනෙන ඇත්ත ලෝකයේ දේවල් හඳුනගන්න හැකියාව ලැබෙනවා. Google Lens වලින් පින්තූරයක තියන දේවල් හඳුනගන්නව වගේම ඒකෙ තියන text හඳුනගන්නත්, ඒව real time translate කරන්න සහ ඒ text එක copy කරගන්නත් හැකියාව ලබාදෙනවා.

මේ වගේ ප්‍රයෝජනවත් tool එකක් වෙන Google Lens, ලෝකයේ වැඩිම පිරිසක් පාවිච්චි කරන Google Chrome browser එකත් එක්ක එකතු කරන්නයි Google සමාගම දැන් සූදානම් වෙන්නේ. මේ ගැන මුලින්ම announce කරේ Google ආයතනය තමන්ගෙ අලුත්ම search engine තාක්ෂණයන් හඳුන්වාදෙන වාර්ෂික Search On event එකේදියි. මේ feature එක ඊලඟ මාස කිහිපයේ roll out කිරීම ආරම්භ වේවි. Google Lens in Chrome වැඩ කරන්නෙ කොහොමද කියල Google විසින් පලකරපු tweet එකේ පැහැදිලිව දකින්න පුලුවන්.

Chrome මත ක්‍රියාත්මක වෙන Google Lens මගින් වෙබ් පිටුවක තියන text, images, සහ video content select කරල ඒව search කරන්න හැකියාව ලබා දෙනවා. ඒ tab එකේම open වෙන window එකකින් search results බලාගන්න පුලුවන්. මේ හැකියාව මේ වෙද්දි තියන text select කරල right click menu එකෙන් search කරන්න තියන පහසුකමට වඩා ඉතාමත් ප්‍රයෝජනවත්. text වලට අමතරව images, image එකක කොටසක් වගේ දේවලුත් click කිහිපයකින් search කරන්න හැකියාව ලැබෙන එක තවත් වාසියක්.

Google Lens in Chrome වලට අමතරව Search On event එකේදි smartphones මත ක්‍රියාත්මක වෙන Google Lens වලත් හැකියාව තවත් වර්ධනය කරල තියනවා. Lens වලින් පෙන්වන results වලට තවත් ප්‍රශ්න එකතු කරල results ලබාගන්න වගේ ප්‍රයෝජනවත් හැකියාවන් කිහිපයක්ම එකතු වෙන්න නියමිතයි. මේ විස්තර ඇතුලු තවත් හරිම interesting තොරතුරු රැසක් මේ අවුරුද්දෙ Search On event එකේදි දැනුම් දුන්නා. ඒ full event එක පහල YouTube video එකෙන් බලන්න පුලුවන්.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...