Home Tech News Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්
Tech News

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

Share
blank
Share

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන් ඔයාලට හැකි වෙනවා chat backups වලට passkey එකක් ලබා දෙන්න.

මීට පෙර WhatsApp backups encrypt වෙලා තිබුණත්, ඒකට ප්‍රවිශ්ට වෙන්න password එකක් අවශ්‍ය උනේ නැහැ. දැන් ඒක වෙනස් වෙලා! Passkey system එකෙන් ඔයාගේ backup එක Google Drive හෝ iCloud එකේ තියෙනවා වගේම එතනට ලොග් වෙන්න පාවිච්චි කරන්නෙ fingerprint එකක්, face ID එකක්, නැත්නම් PIN එකක් වගේ secure method එකක් මඟින් පමණයි.

මෙහෙම protection එකක් දාගත්තම, WhatsApp කියන විදිහට, chat history එක හෝ media වෙන කෙනෙක්ට ලබාගන්න එක අමාරු වෙලා යනවා. අළුත් device එකකට chats restore කරන වෙලාවේත් මේ passkey එක confirm කරන්න වෙන නිසා, අයෙත් verification layer එකක් එනවා කියලා කියන්න පුළුවන්.

Meta කියන විදිහට, මේ feature එක දැන් Android සහ iOS දෙකටම නිකුත් වෙලා තියෙනවා, හැබැයි සියලුම පරිශීලකයන්ට එකවර එන්නේ නැහැ. දැන් ඔයාගෙ දුරකතනයෙ update check කරලා බලන්න, ඔයාටත් මේ security option එක දැන්ම activate කරගන්න පුළුවන්ද කියලා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...