Home Tech News පරිශීලකයන්ට අමතකව ගිය Copilot
Tech News

පරිශීලකයන්ට අමතකව ගිය Copilot

Share
blank
Share

Microsoft විසින් Windows 11 සමඟ හඳුන්වා දී ඇති Copilot AI චැට්බොට් වැඩසටහන, බහුතරයක් පරිශීලකයන්ගේ අවධානයට ලක් නොවී ඇති බව වාර්තාවී තිබෙනවා. Newcomer තාක්ෂණික පුවත්පතට අනුව, Copilot සදහා සතියකට සක්‍රීය පරිශීලකයන් 20 මිලියනයක් පමණක් සිටින අතර, මෙම සංඛ්‍යාව පසුගිය වසර පුරාම ස්ථාවරව පවතින බව සඳහන් වෙනවා. නමුත් ChatGPT සදහා සතියකට මිලියන 400ක පමන සෙනගක් එකතු වෙනවා.

Microsoft 365 Copilot සඳහා, Gartner සමාගමේ සමීක්ෂණයකින් අනාවරණය වන්නේ, 80% ක් පමණ සංවිධාන Copilot පරීක්ෂා කිරීම හෝ පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති නමුත්, ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් එය සෘජුව භාවිතා කරන බවයි. මෙයට ප්‍රධාන හේතු ලෙස security vulnerabilities, ව්‍යාපාරික වටිනාකම පිළිබඳ සැක සහ වෙනස්කම් කළමනාකරණයේ අඩුකම සඳහන් වෙනවා. ​

Copilot භාවිතයෙන් වැඩිම වාසි ලැබූ පරිශීලකයන් දිනකට මිනිත්තු 14 ක් පමණ ඉතිරි කර ගන්නා බව වාර්තා වෙනවා. Copilot සඳහා පරිශීලකයෙකුට මාසිකව $30 ක වියදමක් යනවා වගේම, Microsoft 365 E3 සැලසුමට වඩා 83% කින් මෙය වැඩි බවත්, මෙම මිලදී ගැනීම බොහෝ සංවිධාන සඳහා අමතර වියදමක් බවත් Gartner වාර්තා කරනවා.

Microsoft විසින් Copilot සඳහා නව විශේෂාංග සහ යාවත්කාලීන කිරීම් නිකුත් කරමින් සිටියද, පරිශීලකයන්ගේ සක්‍රීයභාවය වැඩි කිරීම සඳහා තවදුරටත් උත්සාහයන් අවශ්‍ය බව පෙනෙනවා. Copilot හි සාර්ථක භාවිතය සඳහා, Microsoft සමාගමට එහි ආරක්ෂක ප්‍රතිපත්ති, දත්ත කළමනාකරණය සහ පරිශීලක පුහුණු කිරීම වැනි ක්ෂේත්‍රවල වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.​

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...