Contact Information

WhatsApp Us

Microsoft විසින් Xbox One consoles නිශ්පාදනය නවතා දමයි

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Microsoft ආයතනය විසින් සියලු Xbox One consoles වර්ග නිශ්පාදනය නවතා දමා තියනවා. Microsoft ඊලඟ පරපුරේ consoles වන Xbox Series X නිකුත් කිරීමට කලින් digital Xbox One S සහ Xbox One X consoles නිශ්පාදනය නතර කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් 2020 අවසානයේදී Xbox One S නිශ්පාදනයත් අවසන් කරා. දැන් ඉතිරි වෙලා තියන stocks තියෙන්නෙ විකිණීමට තියන වෙලඳසැල්වල විතරයි.

“Xbox Series X සහ Xbox Series S නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා, අපි 2020 අවසානය වන විට සියලුම Xbox One consoles නිෂ්පාදනය නතර කරා.” යනුවෙන් Xbox නිෂ්පාදන අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Cindy Walker විසින් ප්‍රකාශ කරල තිබුනා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Microsoft ආයතනයේ මේ තීරණය දැනුම් දුන්නෙ Sony ආයතනයත් ඔවුන්ගෙ PS4 consoles නිශ්පාදනය 2021 වසරෙ අන්තිම වෙද්දි නවත්වන්න තීරණය කරල තියනව කියල විවිධ වෙබ් අඩවි වාර්තා කරපු වෙලාවකයි. එහෙම උනත් Sony විසින් 2022 වසරෙ PS4 consoles මිලියනයක් පමණ නිශ්පාදනය කරන්න සැලසුම් කරන් ඉන්නව කියල දැන් වාර්තා වෙනවා. ඒ වගේම Sony විසින් මේ වෙද්දි තහවුරු කරල තියනවා ඔවුන්ගෙ PS4 consoles නිශ්පාදනය දිගටම සිදු වෙන බව. මේ තීරණ Sony සහ Microsoft විසින් ඇරගෙන තියෙන්නෙ ඔවුන්ගෙ ඊලඟ පරපුරේ Xbox Series X සහ PS5 consoles සඳහා වන ඉල්ලුම පවා සපුරා දීමට නොහැකි වාතාවරණයක් තුලයි.

කොහොම උනත් Microsoft ආයතනයට ඔවුන්ගෙ ඩොලර් 299 ක අඩු මිල Xbox Series S සඳහා වන ඉල්ලුමනම් සපුරාලීමට හැකි වෙලා තියනවා. 2020 දි Xbox Series X / S එළි දැක්වීමෙන් පසු Xbox ප්‍රධානී Phil Spencer විසින් කියල තිබුන සමාගම Series S වලට වඩා Series X consoles වැඩි වශයෙන් නිශ්පාදනය කරත් අඩු මිල Series S වඩා වැඩි වශයෙන් අලෙවි වීමට ඉඩ ඇති බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *