Home Tech News Anthropic සමාගමේ Claude AI දැන් Android ඇප් එකක් ලෙසින්
Tech News

Anthropic සමාගමේ Claude AI දැන් Android ඇප් එකක් ලෙසින්

Share
blank
Share

පෙර ලිපියකින් අපි ChatGPT සහ Gemini වැනි චැට්බොට් වැඩසටහන් වලට අමතරව ඇති Anthropic සමාගමේ Claude 3.5 Sonnet චැට්බොට් වැඩසටහන පිලිබදව ඔබව දැනුවත් කලා. නවතම වාර්තා වලට අනුව දැන් Anthropic සමාගම ඔවුන්ගේ චැට්බොට් වැඩසටහන ඇප් එකක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා නිකුත් කර තිබෙනවා.

එම සමාගම පසුගිය මැයි මාසයේදී මේ ආකාරයට iOS සදහා ඇප් එකක් නිකුත් කර තිබුනා. දැන් මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් ඔබට ඔවුන්ගේ ප්‍රධාන චැට්බොට් වැඩසටහන වන Claude 3.5 Sonnet වැඩසටහනත් එහි මිලදී ගැනීමේ සංස්කරණය සහ කන්ඩායම් සදහා මිලදී ගැනීමට ඇති සංස්කරණයත් බාවිතා කරන්න පුලුවන්.

වෙබ් එකෙ සහ ඇප් එකෙ චැට් sync වෙන නිසා ඕනෑම උපාංගයකින් සංවාද වල යෙදෙන්න දැන් පරිශීලකයන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒවගේම ඡායාරූප හෝ ෆයිල්ස් අප්ලෝඩ් කර ඒවා විශ්ලේෂණය කිරීමද සිදුකරගන්න පුලුවන්. මෙම ඇප් එකෙ real-time language translation පහසුකමත් ඇතුලත් වෙනවා.

මෙහි මිලදී ගැනීමේ සංස්කරන බාවිතා කරන පරිශීලකයන්ට ඔවුන්ගේ ගිණුම් මෙම ඇප් එක හරහා කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. කොහොම නමුත් Anthropic සමාගම නිකුත් කල iOS ඇප් එක ChatGPT ඇප් එක තරම් පරිශීලකයන් අතර ජනප්‍රිය උනෙ නැහැ. මෙම ඇප් එක නිකුත් කල මුල් සතියෙදි බාගත කිරීම් 157,000ක් තිබුනු අතර එයට සාපේක්ශව ChatGPT ඇප් එක නිකුත් කර පලමු දවස් පහ ඇතුලත බාගත කිරීම් 480,000 සිදුවී තිබුනා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...