Home Tech News Explained Smart Devices නිසා විනාශ වන දරුවන්
ExplainedTech News

Smart Devices නිසා විනාශ වන දරුවන්

Share
blank
Share

ළමයි අත තිබෙන ස්මාට් ෆෝන් හෝ ටැබ්ලට් පරිගණක නිසියාකාරව වැඩිහිටියන්ගේ සොයා බැලීමට නතු නොවී ම බරපතල ලෙස වැඩි වී ඇතැයි දැන් එළිදරව් වී තිබෙනව. ඒ ජාත්‍යන්තර ආයතන ගණනාවකින් කළ සමාජ සමීක්ෂණ මඟින්.

බීබීසී පුවත් සේවයේ බීබීසී ලර්නිං වැඩසටහන මේ ගැන මත විමසුමක් කළා. එහිදී පෙනී ගියේ දෙමවුපියන් අතරින් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙක් එනම් 20%ක සෙනඟක් සිය දරුවන් අත තිබෙන ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් පරිගණක ගැන නිසි පාලනයක් සහිතව ක්‍රියාත්මක කර වන්නේ නැති බවයි. අනෙක් දෙමවුපියන් වුව සම්පූර්ණ පාලනයක් කරන්නෙ නැහැ. ඉදහිට තම දරුවන්ගේ වැඩ ගැන බලනවා පමනයි.

ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් පරිගණක වලින් අන්තර්ජාලයට පිවිසිය හැකි වීම, දරුවන් අනතුරුදායක අඩියකට හෙළීමට මූලික වී තිබෙනව. මේ අනාරක්ෂිතතාව කියා කියන්නේ කුමක්ද? ළමයින්ගේ වයසට අනුචිත දේවල් ප්‍රධානයි. අසැබි රූප සහ වීඩියෝ පමණක් නොව ඊට අයත් වෙන්නේ. වයසට වඩා සංකීර්ණ සහ ප්‍රචණ්ඩත්වය උලුප්පාලන වීඩියෝ ක්‍රීඩා ඊට අයත් වෙනව.

සමාජ ජාල හරහා හමු වෙන අපචාර ක්‍රියා වලට උඩ ගෙඩි දෙන්නන් සමඟ සබදතා ගොඩ නංවා ගැනීම ඊට අයත්. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කළ යුතු නොකළ යුතු දේ ගැන හොඳ තක්සේරුවක් නැති දරුවන් පළ කරන රූප සහ තොරතුරු වැඩිහිටියන්ගේ ගෞරවයට හානිවීම පවා මීට අයත්.

වැඩිහිටියන්ගේ මොබයිල් උපාංග ළමයි භාවිතා කරන අතරතුර කිසි වග විභාගයක් නැතිව ඇප්ස් මිලදී ගැනීම නිසා වැඩිහිටියන්ට මුදලින් පාඩු වීමත් සිදුවෙනව. මෙසේ ළමයි මිලදී ගත් නමුත් වැඩිහිටියන්ට වැඩක් නැති ඇප්ස් වෙනුවෙන් ඩොලර් මිලියන 32.5ක් වැය වී ඇති බව වාර්තා වෙනව. කැස්පර්ස්කි ලැබ් ආයතනයෙන් පැවැත් වූ සමීක්ෂණයකින් එළිවී තිබෙන්නේ මේ විදියට වග විභාගයක් නැතිව ළමයි මොබයිල් උපාංග භාවිතා කිරීම නිසා දෙමවුපියන්ට 18%ක අමතර බිලක් ගෙවන්නට සිදුවෙන බවයි.

දෙමවුපියන් දරුවන් අතට මොබයිල් උපාංග දෙන විට එහි පාලනය සිය අත දරා ගෙන එය කළොත් මේ ප්‍රශ්න නැත. ඊට පහසුකම් ඕනෑවටත් වඩා තිබෙනව. අයිෆෝන් සහ අයිපෑඩ් වල දෙමවුපියන්ගේ පාලනය (parental control ) යටතේ පාස්කෝඩ් (passcode) යොදන්නට පුළුවන්. එවිට වෙබ් අඩවි, අනවශ්‍ය ඇප්ස් සහ වෙනත් සේවා සම්පුර්ණයෙන්ම කපා හරින්නට පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් උපාංගවලදීත් මෙවැනි ප්‍රොෆයිල් (restricted profile accounts ) සකසන්නට පුළුවන.

ළමයි නපුරෙන් ඈත් කර තැබිය හැකි වත් පිළිවෙත්ද තිබෙනව. ආරක්ෂිතව අන්තර්ජාලය භාවිතා කළ හැකි ආකාරය ගැන උපදෙස් සහ සේවා දෙන ගෙට් සේෆ් ඔන්ලයින් (Get Safe Online) ආයතනයේ ප්‍රධානී ටෝනි නීට් මෙසේ කියයි. ” දෙමවුපියන් සහ දරුවන් තමන් අන්තර්ජාලය ඔස්සේ කරන වැඩ ගැන විවෘතව කතාබහ කළ යුතුයි. දරුවන් නරක දෙයකට යොමු වී සිටී නම් ඒ නරක ඔවුන්ට පහදාදිය යුතුයි. එසේම නරක යමක් හමු වුවහොත් ඒ බව දෙමවුපියන් ට දන්වන තරමට ළමයි කීකරු කරගත යුතුයි.” දැඩි පාලනයක් යොදා වුවත් කළ නොහැකි බොහෝ දේ කාරුණික අවධාරණයෙන් කළ හැකි බව ටෝනි නීට්ගේ අදහසයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...