Home Tech News USB උපාංග වලින් ඔබේ දුරකතනය ආරක්ශා කරන විශේෂාංගය
Tech News

USB උපාංග වලින් ඔබේ දුරකතනය ආරක්ශා කරන විශේෂාංගය

Share
blank
Share

Android 16 සමඟ නිකුත් වෙන අලුත් විශේෂාංගයක් නිසා ඔයාගේ දුරකථනයේ ආරක්ෂාව තවත් ශක්තිමත් වෙනවා. Google සමාගමෙන් නවතම “Advanced Protection Mode” විශේෂාංගය හඳුන්වා දීලා තියෙනවා. මේක මඟින් ඔබේ දුරකථනය ලොක් කර ඇති විට USB මඟින් දත්ත ඇතුලු කිරීමේ හැකියාව ස්වයංක්‍රීයව අක්‍රිය කරනවා. මෙය විශේෂයෙන් වැදගත් වෙන්නේ, පොදු USB චාර්ජින් ස්ථාන භාවිතා කිරීමේදී සිදුවිය හැකි දත්ත සොරකම් වැළැක්වීම සඳහායි.

මෙම “Advanced Protection Mode” සක්‍රිය කළ විට, ඔබේ දුරකථනය අගුළු ලා තිබෙනවානම්, USB සම්බන්ධතා හරහා කිසිදු දත්ත හුවමාරුවක් සිදු වෙන්නෙ නැහැ. ඔබට හරිහැටි අගුළු විවෘත කළ පසුව පමණක් USB මඟින් දත්ත හුවමාරු කිරීමට හැකියාව ලැබෙනවා. මෙය දුරකථනය ඒ විදියට අනිසි තැන්වල රැඳී සිටින විට දත්ත සුරක්ෂිතව තබා ගැනීමට විශාල උදව්වක් වෙනවා.

ඇතැම් අවස්ථාවලදී, ඔබ කුමන උපාංගයක් හෝ USB කේබල් එකක් සම්බන්ධ කළොත්, “Unauthorized USB activity detected” කියලා අනතුරු ඇඟවීමක් ඔබට පෙන්වෙනවා. මෙය සරල ලෙස ඔබට දන්වන්නෙ, දැනට ඔබේ දුරකථනයට USB මගින් දත්ත ප්‍රවේශය වසා දැමූ බවයි.

මෙම විශේෂාංගය Pixel උපාංග සහ අනෙක් Android 16 යාවත්කාලීන උපාංග සඳහාද ඉදිරියේදී ලැබෙනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...