Home Tech News පරිශීලකයන්ට අමතකව ගිය Copilot
Tech News

පරිශීලකයන්ට අමතකව ගිය Copilot

Share
blank
Share

Microsoft විසින් Windows 11 සමඟ හඳුන්වා දී ඇති Copilot AI චැට්බොට් වැඩසටහන, බහුතරයක් පරිශීලකයන්ගේ අවධානයට ලක් නොවී ඇති බව වාර්තාවී තිබෙනවා. Newcomer තාක්ෂණික පුවත්පතට අනුව, Copilot සදහා සතියකට සක්‍රීය පරිශීලකයන් 20 මිලියනයක් පමණක් සිටින අතර, මෙම සංඛ්‍යාව පසුගිය වසර පුරාම ස්ථාවරව පවතින බව සඳහන් වෙනවා. නමුත් ChatGPT සදහා සතියකට මිලියන 400ක පමන සෙනගක් එකතු වෙනවා.

Microsoft 365 Copilot සඳහා, Gartner සමාගමේ සමීක්ෂණයකින් අනාවරණය වන්නේ, 80% ක් පමණ සංවිධාන Copilot පරීක්ෂා කිරීම හෝ පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති නමුත්, ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් එය සෘජුව භාවිතා කරන බවයි. මෙයට ප්‍රධාන හේතු ලෙස security vulnerabilities, ව්‍යාපාරික වටිනාකම පිළිබඳ සැක සහ වෙනස්කම් කළමනාකරණයේ අඩුකම සඳහන් වෙනවා. ​

Copilot භාවිතයෙන් වැඩිම වාසි ලැබූ පරිශීලකයන් දිනකට මිනිත්තු 14 ක් පමණ ඉතිරි කර ගන්නා බව වාර්තා වෙනවා. Copilot සඳහා පරිශීලකයෙකුට මාසිකව $30 ක වියදමක් යනවා වගේම, Microsoft 365 E3 සැලසුමට වඩා 83% කින් මෙය වැඩි බවත්, මෙම මිලදී ගැනීම බොහෝ සංවිධාන සඳහා අමතර වියදමක් බවත් Gartner වාර්තා කරනවා.

Microsoft විසින් Copilot සඳහා නව විශේෂාංග සහ යාවත්කාලීන කිරීම් නිකුත් කරමින් සිටියද, පරිශීලකයන්ගේ සක්‍රීයභාවය වැඩි කිරීම සඳහා තවදුරටත් උත්සාහයන් අවශ්‍ය බව පෙනෙනවා. Copilot හි සාර්ථක භාවිතය සඳහා, Microsoft සමාගමට එහි ආරක්ෂක ප්‍රතිපත්ති, දත්ත කළමනාකරණය සහ පරිශීලක පුහුණු කිරීම වැනි ක්ෂේත්‍රවල වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.​

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...