
දැන් WhatsApp ඔස්සේ ඔබේ පෞද්ගලිකත්වය තවත් ආරක්ෂා කිරීමට “Advanced Chat Privacy” කියන නව විශේෂාංගයක් හඳුන්වාදී තිබෙනවා. මේක මඟින් ඔබේ chats සහ media files තෙවන පාර්ශවයන් වෙත යැවීම වළක්වා, පරිශීලකයන්ට වැඩි පාලනයක් ලබාදෙනවා.
මෙම Advanced Chat Privacy විශේෂාංගය සක්‍රිය කිරීමෙන් පසු, ඔබේ chats වෙනත් apps වලට export වීම වළක්වන්න පුළුවන්. ඒ වගේම, ඔබට WhatsApp හරහා ලැබෙන ඡායාරූප සහ වීඩියෝ වගේ files ස්වයංක්‍රීයව ඔබේ උපාංගයේ ගැලරියට සේව් වීමද මෙමගින් නවතිනවා. තවත් වැදගත් දෙයක් නම්, ඔබේ පණිවිඩ AI විශේෂාංග භාවිතා කිරීමටද සීමා දමනවා.

මෙම විශේෂාංගය සක්‍රිය කරන්න ඔබ කලයුත්තේ ඔබේ WhatsApp යෙදුමේ, අවශ්‍ය chat එක විවෘත කර “Chat Info” එකට පිවිසෙන්න. එහි “Advanced Chat Privacy” යන්න තෝරාගෙන, එය සක්‍රිය කරන්න. මෙය සිදුකරන්න ඔබේ WhatsApp app එකේ අලුත්ම අප්ඩේට් එක තියෙන්න ඕනෙ.
කෙසේ වෙතත්, වටින විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. ඔබ Advanced Chat Privacy සක්‍රිය කළත්, අනෙකුත් පුද්ගලයන්ට screenshots ගැනීම වළක්වන්න බැහැ. ඒවගේම, group chat එකකදී ඔබ මෙම විශේෂාංගය සක්‍රිය කළොත්, අනෙකුත් සාමාජිකයින්ට එය දැනුම්දෙනු ලබනවා.
මේ අලුත් WhatsApp Advanced Chat Privacy විශේෂාංගය ඔබේ සංවාදයන් වඩාත් ආරක්ෂිතව තබා ගැනීමට විශාල ලෙස සහය වනවා.
Leave a Reply