Home Tech News Gmail Address එක කියද්දි dot එපා
Tech News

Gmail Address එක කියද්දි dot එපා

Share
Share

සාමානයෙන් email address එකක් තවත් කෙනෙකුට කියද්දි ඒකෙ තියෙන අකුරු ඉලක්කම් වගේම ඒ අතරමැද තියෙන විශේෂ සළකුණු ( dot underscore) කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නව. උදාහරණයක් විදිහට saman.94@gmail.com කියල email එකක් තියෙන කෙනෙකුට මේ නමයි අංකෙයි අතර තියෙන dot එක වෙනම කියන්න වෙනව.

Gmail වල නිර්මාණයෙදිම Google සමාගම තමන්ගෙ Email එකෙන් මෙන්න මේ තිත අයින් කරන්න කටයුතු කරල තියෙනව. ඒ කියන්නෙ ඔයාගෙ email එක saman.94@gmail.com උනාට saman94@gmail.com කියල එව්වත් ඒ email එක ඔයාට ලැබෙනව. ඒ වගේම ඕන නම් s.a.m.a.n.9.4@gmail.com කියල එවන Email එකක් එන්නෙත් ඔයාටමයි.

මෙතනදි email එකක් හදනකොට ඔයාට මේ dot එක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි Gmail පද්ධතියෙන් මේක නොසලකා හරිනව. විශ්වාස කරන්න බැරි නම් email එකක් එවාගෙනම බලන්න. ඊට පස්සෙ බය නැතුව email එක කියද්දි අමතර වෙහෙසක් දරල කියන dot එක අමතක කරල දාන්න.

ඒ වගේම Capital simple අකුරු වලදිත් email එකට බලපෑමක් වෙන්නෙ නැහැ. SAMAN.94@gmail.com එක saman.94@gmail.com එකට සමානයි.

හැබැයි මේක gmail වලට විතරයි. hotmail / yahoo / outlook වගේ email වලදි මේ dot එක අදාල වෙනව. ඒ නිසා මේක අදාල වෙන්නෙ Gmail වලට විතරයි කියන එක හොදින් මතක තියාගන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

5 Comments

  • මේක නම් මාරම වටින post එකක්. දැනගෙන හිටියෙ නැහැනෙ මෙහෙම සීන් එකක්. මාර කට්ටක් කනව email addtess එක කියන්න . මේ වගේ තව පෝස්ට් ඕනෙ

  • නියමයිනේ… මෙච්චර ඊ මේල් යවනවා කවදාවත් දැනගෙන හිටියේ නෑනේ….

Leave a Reply to AsiriCancel reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...