- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

සාමානයෙන් email address එකක් තවත් කෙනෙකුට කියද්දි ඒකෙ තියෙන අකුරු ඉලක්කම් වගේම ඒ අතරමැද තියෙන විශේෂ සළකුණු ( dot underscore) කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නව. උදාහරණයක් විදිහට saman.94@gmail.com කියල email එකක් තියෙන කෙනෙකුට මේ නමයි අංකෙයි අතර තියෙන dot එක වෙනම කියන්න වෙනව.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

Gmail වල නිර්මාණයෙදිම Google සමාගම තමන්ගෙ Email එකෙන් මෙන්න මේ තිත අයින් කරන්න කටයුතු කරල තියෙනව. ඒ කියන්නෙ ඔයාගෙ email එක saman.94@gmail.com උනාට saman94@gmail.com කියල එව්වත් ඒ email එක ඔයාට ලැබෙනව. ඒ වගේම ඕන නම් s.a.m.a.n.9.4@gmail.com කියල එවන Email එකක් එන්නෙත් ඔයාටමයි.

මෙතනදි email එකක් හදනකොට ඔයාට මේ dot එක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි Gmail පද්ධතියෙන් මේක නොසලකා හරිනව. විශ්වාස කරන්න බැරි නම් email එකක් එවාගෙනම බලන්න. ඊට පස්සෙ බය නැතුව email එක කියද්දි අමතර වෙහෙසක් දරල කියන dot එක අමතක කරල දාන්න.

ඒ වගේම Capital simple අකුරු වලදිත් email එකට බලපෑමක් වෙන්නෙ නැහැ. SAMAN.94@gmail.com එක saman.94@gmail.com එකට සමානයි.

හැබැයි මේක gmail වලට විතරයි. hotmail / yahoo / outlook වගේ email වලදි මේ dot එක අදාල වෙනව. ඒ නිසා මේක අදාල වෙන්නෙ Gmail වලට විතරයි කියන එක හොදින් මතක තියාගන්න.

5 COMMENTS

  1. මේක නම් මාරම වටින post එකක්. දැනගෙන හිටියෙ නැහැනෙ මෙහෙම සීන් එකක්. මාර කට්ටක් කනව email addtess එක කියන්න . මේ වගේ තව පෝස්ට් ඕනෙ

  2. නියමයිනේ… මෙච්චර ඊ මේල් යවනවා කවදාවත් දැනගෙන හිටියේ නෑනේ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here