Home Tech News social media එකම ගිණුම දුරකතන කිහිපයක බාවිතා කලහැකි WhatsApp Multi Device Support
social mediaTech NewsUpdates

එකම ගිණුම දුරකතන කිහිපයක බාවිතා කලහැකි WhatsApp Multi Device Support

Share
blank
Share

WhatsApp සමාගම වසර කිහිපයක ඉදන් සංවර්ධනය කර පරීක්ශා කරමින් පැමිනි විශේෂාංගයක් දැන් එලිදක්වා තිබෙනව. ඒ තමයි අපෙ WhatsApp ගිණුම තවත් දුරකතන හතරක් තුල බාවිතා කරන්න පුලුවන්. මෙය multi-device functionality ලෙස හදුන්වනව.

මෙම විශේෂාංගය සදහා access ඇති විට ඔබට දුරකතනයකට WhatsApp install කල විට link to existing account ලෙස නව option එකක් දැකගන්න ලැබෙනව. එම option එක මත ක්ලික් කිරීමෙන් පසු WhatsApp මගින් QR කේතයක් ස්කෑන් කිරීමට පෙන්වන අතර ඔබෙ පැරනි දුරකතනයේ Linked Devices තුලින් මෙම කේතය ස්කෑන් කර නව දුරකතනයට එම ගිණුම sync කරගන්න පුලුවන්.

මෙම ක්‍රමය තරමක් සංකීර්න නිසා WhatsApp සමාගම විසින් ඉදිරියෙදි මීට වඩා පහසු ක්‍රමයක් මේ සදහා නිර්මානය කර ඉදිරිපත් කරන බව පවසා තිබුන. බොහෝවිට ඒ one-time code එකක් අපට ලින්ක් කිරීමට අවශ්‍ය දුරකතනයට යැවීම මගින් විය හැකියි.

මෙම නව syncing ක්‍රමය යටතේ secondary දුරකතනයට messages සහ calls ලැබීමට ඔබේ primary දුරකතනය ලග තිබීම හෝ එහි WhatsApp ඕපෙන් කරගෙන සිටීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. කොහොමවුනත් ඔබෙ primary දුරකතනයෙන් WhatsApp වෙත දින 14කින් ලොග් වී නොමැති වුනොත් ස්වයංක්‍රීයව අනෙක් දුරකතන වලින් ඔබෙ ගිණුම logout වීමක් සිදුවෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...