Home Tech News හොරෙන් Record කර අහුවෙච්ච Google Home Mini
Tech News

හොරෙන් Record කර අහුවෙච්ච Google Home Mini

Share
blank
Share

Google smart devices පවුලට එකතු වෙච්ච අලුත්ම සාමාජිකය තමයි Google Home mini කියන්නෙ. හැබැයි වෙළද පොලට නිකුත් වෙලා සතියක් යන්නත් කලින්ම ඔත්තු බලන්න ගිහින් කලු පැල්ලමක් ගාගන්නත් මෙයාට සිද්ධ උනා.

Amazon සමාගමේ Alexa කියන smart home assistant උපකරණයෙ ජනප්‍රියත්වයත් එක්ක Google සමාගම තමන්ගෙ Google Home smart device එක හදුන්වා දුන්න. ඊට පස්සෙ Amazon dot කියන පුංචි Home smart device එකත් එක්ක තරග කරන්න තමයි Google Home mini නිකුත් වෙන්නෙ. මේ උපකරණයත් Google home වගේම ක්‍රියාකාරීත්වය තියෙන ඒත් ප්‍රමාණයෙන් කුඩා මිලෙන් අඩු Smart assistant device එකක්.

හැබැයි මේ Device එකේ Voice Activate කරන්න press කරන්න තියෙන button එකේ සහ touch pad එකේ ප්‍රශ්නයක් නිසා සැරින් සැරේ  listen mode එක active වෙවී ඇහෙන හැමදේම record කරල upload කරන ගැටලුවක් මතු වෙන්නෙ මේක ගැන ප්‍රචාරනය කරන ඒ වගේම හැමදෙනාම මේ ගැන කතා කරන කාලෙකදියි. Google සමාගම මේකට දැනට software update එකක් හරහා මේ ප්‍රධාන button එක deactivate කරල තියෙනව. ඒ කියන්නෙ Google Home mini මිලදී ගත්ත අයට ඒක පාවිච්චි කරන්න වෙන්නෙ විධාන දෙන්න තියෙන ප්‍රධාන button එක නැතුවයි.

කොහොම වෙතත් මේ වගේ smart Devices වලින් අපි නොදැනුවත්වම අපේ කතාබහ ඉන්න තැන් වගේම කටහඩ සහ Search patterns ගබඩා කරගන්නව කියන එකනම් දැන් හොදටම පැහැදිලියි. Goole Device / account ගද්දි අපි කියවන්නෙ නැතුව I Agree කියල ඔබන Agreement එකේ මේ දේවල් ගැන ලියල තියෙනව. ඉතින් පාරිභෝගිකයන් විදිහට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වගේ දේවල් වලට අවසර දීලයි තියෙන්නෙ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...