Home Tech News Events අවසන් ගමන් යන Windows Mobile
EventsPhonessoftwareTech News

අවසන් ගමන් යන Windows Mobile

Share
blank
Share

Windows කියන්නෙ ලෝකයෙ පරිගණක වලින් 95% කම තියෙන operating system එකයි. හැබැයි Smart phone වලදි වැඩිම භාවිතයක් තියෙන්නෙ Google සමාගමේ Android operating system එකටයි.

smart phone වලට හදපු Windows mobile operating system එක තවදුරටත් පවත්වාගෙන යන්න අදහස් කරන්නෙ නැහැ කියල Windows devices හි joe belifore තමන්ගෙ twitter ගිණුමෙන් කිව්ව. තරගකාරී සමාගම් වලට තමන්ගෙ කාලය සහ මුදල් වෙන් කරල Windows mobile මෙහෙයුම් පද්ධතියට apps හදන්න තරම් Windows mobile users ල නැති වීම තමයි මේකට ප්‍රධාන හේතුව විදිහට joe belifore දක්වල තියෙන්නෙ.

මේ පණිවිඩයත් එක්ක Windows 10 mobile සහ ඒකෙ නවතම සහ කැපී පෙනෙන අංග වෙච්ච Continuum / Cortana වලින් උපරිම වැඩ ගන්න හිතාගෙන Windows phone ගත්ත අයට තුන්වෙනි වතාවටත් Microsoft සමාගම තමන්ගෙ smart phone OS එක කියන්නෙ බලාපොරොත්තු තියාගත යුතු තැනක් නෙවෙයි කියල නොකිය කිව්ව.

Microsoft සමාගම Nokia සමාගම මිලදී ගත්තෙ එයාලගෙ Windows phone වලට මුල් තැන දෙන්න උනාට තමන්ගෙ Mobile OS එක දියුණු කරන්න ලැබුන හැම අවස්තාවක්ම මගහැරගත්ත එයාලට මේ නැවතීමේ ලකුණත් එක්ක 2003 ඉදන් පවත්වගෙන ආපු windows mobile OS එකට සමුදෙන්න වෙනව.

දැනට Windows mobile භාවිතා කරන අයට Security updates නිකුත් කරනව කියලත් joe belifore twitter පණිවිඩයකින් දන්වල තිබුන.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...