Home Games Assassins Creed Valhalla කලින් එයි
Games

Assassins Creed Valhalla කලින් එයි

Share
blank
Share

UBISOFT සමාගමේ අලුත්ම Assassins Creed Valhalla Game එක කලින් සදහන් කල දිනයට කලින් නිකුත් කරන්න යනව කියල ආරංචි වෙනව. මේ වෙනස සිදු කර ඇත්තේ Microsoft සමාගමේ අළුත්ම XBOX Release නිවේදනයත් සමගයි.

Ubisoft ආයතනයෙන් නිශ්පාදනය කෙරෙන ලොව ප්‍රකට පරිගනක ක්‍රීඩා අතුරින් ඉතා ජනප්‍රියත්වයට පත් වූ Assassins Creed කතා මාලාවේ නවතම Valhalla නිශ්පාදනය කර ඇත්තෙ Anvil Next 2.0 කියන Game Engine එක යොදා ගනිමිනුයි. PC, Xbox, PlayStationල Google Stadia කියන සෑම platform එකකටම මෙය එලිදැක්වීමට කටුයුතු යොදා තිබෙනව. ඒ අතරින් අලුතෙන් වෙලදපලට හදුන්වා දීමට නියමිතව තිබෙන Gaming Console දෙකක් වෙන Microsoft සමාගමෙ Xbox x සහ S යන මාදිලි සදාහාත් Sony සමාගමේ Playstation 5 සදාහත් මෙම ක්‍රීඩාවේ සංස්කරනයන් නිකුත් කිරීමට Ubisoft සමාගම කටයුතු යොදා තිබෙනව.

Microsoft සමාගමෙ අලුත්ම නිශ්පාදනය වෙන Xbox X console ය නොවැම්බර් මස 10 වෙනි දින නිකුත් කිරීමට සූදානම් බව නිවේදනය කිරීමත් සමග, Ubisoft සමාගමද මෙම ක්‍රීඩාව පෙර දැනුම් දී තිබුනු දිනය නොවැම්බර් මස 17 වෙනි දින වුවත් ඔවුන්ද එය නොවැම්බර් මස 10 වෙනි දිනට වෙනස් කර ඇති බව දැනුම් දී තිබෙනව, එමෙන්ම මෙ නව ක්‍රීඩාව සියලුම Platform සදහා නොවැම්බර් මස 10 වෙනි දින එලි දක්වන බවත් විශේශයෙන්ම Xbox X සහ Xbox S සදහාත් අලුතෙන්ම නිකුත් වීමට නියමිත Sony සමාගමේ Console ය වන playstation 5 සදහාත් එළිදක්වන බවට එම සමාගම කියා සිටිනවා.

Sony සමාගම තවමත් ඔවුන්ගෙ නව Console මාදිලිය වෙන PlayStation 5 නිකුත් කරන දිනය Officially Announce කර නැති නිසාවෙන් එය තව දුරටත් ප්‍රමාද විය හැකි බවද සමාගම කියා සිටින අතර කෙසේ වෙතත් PS 5 console ය නිකුත් වූ වහාම ඒ සදහාද Ac Valhalla සංස්කරනයක් නිකුත් කරන බව ඔවුන් වඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...