- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

UBISOFT සමාගමේ අලුත්ම Assassins Creed Valhalla Game එක කලින් සදහන් කල දිනයට කලින් නිකුත් කරන්න යනව කියල ආරංචි වෙනව. මේ වෙනස සිදු කර ඇත්තේ Microsoft සමාගමේ අළුත්ම XBOX Release නිවේදනයත් සමගයි.

Ubisoft ආයතනයෙන් නිශ්පාදනය කෙරෙන ලොව ප්‍රකට පරිගනක ක්‍රීඩා අතුරින් ඉතා ජනප්‍රියත්වයට පත් වූ Assassins Creed කතා මාලාවේ නවතම Valhalla නිශ්පාදනය කර ඇත්තෙ Anvil Next 2.0 කියන Game Engine එක යොදා ගනිමිනුයි. PC, Xbox, PlayStationල Google Stadia කියන සෑම platform එකකටම මෙය එලිදැක්වීමට කටුයුතු යොදා තිබෙනව. ඒ අතරින් අලුතෙන් වෙලදපලට හදුන්වා දීමට නියමිතව තිබෙන Gaming Console දෙකක් වෙන Microsoft සමාගමෙ Xbox x සහ S යන මාදිලි සදාහාත් Sony සමාගමේ Playstation 5 සදාහත් මෙම ක්‍රීඩාවේ සංස්කරනයන් නිකුත් කිරීමට Ubisoft සමාගම කටයුතු යොදා තිබෙනව.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

Microsoft සමාගමෙ අලුත්ම නිශ්පාදනය වෙන Xbox X console ය නොවැම්බර් මස 10 වෙනි දින නිකුත් කිරීමට සූදානම් බව නිවේදනය කිරීමත් සමග, Ubisoft සමාගමද මෙම ක්‍රීඩාව පෙර දැනුම් දී තිබුනු දිනය නොවැම්බර් මස 17 වෙනි දින වුවත් ඔවුන්ද එය නොවැම්බර් මස 10 වෙනි දිනට වෙනස් කර ඇති බව දැනුම් දී තිබෙනව, එමෙන්ම මෙ නව ක්‍රීඩාව සියලුම Platform සදහා නොවැම්බර් මස 10 වෙනි දින එලි දක්වන බවත් විශේශයෙන්ම Xbox X සහ Xbox S සදහාත් අලුතෙන්ම නිකුත් වීමට නියමිත Sony සමාගමේ Console ය වන playstation 5 සදහාත් එළිදක්වන බවට එම සමාගම කියා සිටිනවා.

Sony සමාගම තවමත් ඔවුන්ගෙ නව Console මාදිලිය වෙන PlayStation 5 නිකුත් කරන දිනය Officially Announce කර නැති නිසාවෙන් එය තව දුරටත් ප්‍රමාද විය හැකි බවද සමාගම කියා සිටින අතර කෙසේ වෙතත් PS 5 console ය නිකුත් වූ වහාම ඒ සදහාද Ac Valhalla සංස්කරනයක් නිකුත් කරන බව ඔවුන් වඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here