Home Tech News EVGA RTX 30 Series GPU හොරකම
Tech News

EVGA RTX 30 Series GPU හොරකම

Share
Share

මේ වෙනකොට Global Chip shortage එක සහ තවත් නොයෙකුත් කරුණු එක්ක GPU ගණන් වැඩි වෙලා තියෙද්දි EVGA සමාගමේ Truck එකක් පිටින්ම RTX 3060 සිට RTX3090 දක්වා Graphics Cards විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරපු Truck එකක් California වලදි Hijack කරල තියෙනව.

EVGA Product manager Jacob Freeman සදහන් කරල තියෙන විදිහට මේ Graphic Cards තොගය San Fransisco වල සිට EVGA Southern California Distribution center එකට ප්‍රවාහනය කරද්දි තමයි මේ සිදුවීම වෙලා තියෙන්නෙ. මේ විදිහට පැහැරගෙන තියෙන Cards ප්‍රමාණය සුළුපටු නොවෙන බව තමයි දැනගන්න ලැබෙන්නෙ.

මේ විදිහට Graphics Cards නැති වෙච්ච පළමු අවස්ථාව මෙය නෙමෙයි. 2020දි චීනයේ MSi Factory එකකින් RTX 3090 Cards තොගයක් සොරකමට ලක්වුනා. මේ වල වටිනාකම රුපියල් 68,509,000 ක් පමණ ($340,000) වෙන බවත් ගණන් බලා තිබුන. කොහොම වෙතත් මේ අළුත් සිදුවීමේදී හානිය මීට වඩා වැඩි අගයක් වෙන බව ආරංචි වෙනව.

EVGA සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියෙ මේ විදිහට සොරකම් කල GPU වල Serial Numbers හරහා Track කිරීම තුලින් මෙම Card වලට කිසිදු ආකාරයේ Warranty Claim එකක් හෝ Upgrade -Exchange පහසුකම් ලබා නොදෙන බවයි. මේ නිසා ඉදිරියේදි Websites තුල EVGA GPU විකිණීමට තිබුනොත් ඒවා මිළදී ගැන්මට පෙර EVGA Status Check Page එකට ගිහින් එම Card එක මේ විදිහට නැති වෙච්ච එකක්ද කියන එක දැනගැනීම වැදගත් වෙන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...