Press ESC to close

Resident Evil 7-Biohazard Review

2017 වසරේ නිකුත්වූ First-person survival horror ක්‍රීඩාවක් වන මෙය ක්‍රීඩකයාට ත්‍රාසය උපරිමයට අත්කරදෙන ක්‍රීඩාවකි. වසර 3ක් අතුරුදහන්ව සිටි තම බිරිඳව සොයායන Ethan Winters හට නොසිතූ ලෙස අත්විඳීමට සිදුවන භයානක සිද්ධීන් වටා මෙම ක්‍රීඩාවේ main story එක ගෙතී තිබේ. මෙහි Resident evil ක්‍රීඩා මාලාවේ මෑතකදී නිකුත්වූ Resident evil VIII village හි story එකට prequel story එකක් අන්තර්ගත වේ.

Plot

Get Your Site Up with A2 Hosting

අපගේ චරිතය වන Ethan Winters වසර 3ක් පුරාවට සිතාසිටියේ ඔහුගේ බිරිඳ Mia මියගොසින් බවය.එයට හේතුව රැකියාවක් සොයාගිය Mia ගෙන් වසර 3ක් යනතුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව තිබූ බැවිනි.ඇය හදිසියේම අතුරුදහන් වූ අතර එම නිසා Ethan ඇය මියගොස් ඇතැයි අනුමානකර තිබුණේය.නමුත් වසර 3කට පසු හදිසියේම Mia ගෙන් ඔහුට video පණිවිඩයක් ලැබේ.ඇය කියා සිටින්නේ ඇය තවමත් ජීවතුන් අතර බවත්,ඇයව Louisiana ප්‍රාන්තයේ Dulvey හි පිහිටි Baker residence එකට පැමිණ කැඳවාගෙන යන ලෙසයි.

මොහොතක්වත් පමා නොවූ Ethan, Baker මැදුර වෙත පැමිණේ.වගුරුබිමක් ආශ්‍රිතව පිහිටා තිබූ මෙම මන්දිරය කිසිවෙකුටවත් ජීවත්විය නොහැකි ආකාරයේ අප්‍රසන්න පරිසරයක තිබූ බව ඔහුට වැටහුණි.මන්දිරයට ඇතුළු වූ ඔහුට දැකගැනීමට හැකිවන්නේ ඉතාම අපිරිසිදු දර්ශනයන්ය.ගරාවැටුණු මන්දිරයක් වූ එහි කිසිවෙකු ජීවත්වන බවට කිසිදු සලකුණක් නොවීය.මන්දිරය තවදුරටත් සෝදිසි කිරීමේදී Ethan ට එක් කාමරයක නිදාසිටින Mia ව හමුවේ.ඇයට හානියක් නොවී ඇති බව හා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව පෙනුනත් යම්කිසි අමුත්තක් මෙහි ඇති බව Ethan ට මේ මොහොතේ වැටහේ.ඇයගේ මානසික සෞඛ්‍ය අයහපත් බවත් ඇයව යමක් හෝ යමෙකු විසින් පාලනය කරන ස්වරූපයක් Ethan ට වැටහුණි.ඉන්පසු Mia අඩසිහියෙන් මෙන් මැදුරෙන් පිටවයාම සඳහා ඇගේ පසුපස එන ලෙස Ethan ව කැඳවාගෙන යන නමුත් Ethan අසන කිසිදු ප්‍රශ්නයකට ඇය පිළිතුරු නොදෙයි.

හදිසියේම ඇය වෙනස්වන අතර අවතාරයක් ඇගේ ශරීරයට ඇතුල්වූවාක් මෙන් ඇය හැසිරෙන්නට විය.ඇය Ethan ට පහරදෙන අතර Ethan ඇයගෙන් ගැලවීමට උත්සාහ කළත් ඇය හදිසියේම ඉතාමත් ශක්තිමත් වී ඇති බව ඔහුට වැටහුණි.ඇය Chainsaw එකකින් Ethan ගේ එක් අතක්ද කපා දමයි.අවසානයේ වෙනත් විකල්පයක් නොමැතිව ඇයට අසල තිබූ පිහියකින් ඇන තම දිවි බේරාගැනීමට Ethan ට සිදුවේ ( Mia මේ මොහොතේ මියයන්නේ නැත). Ethan ට මුහුණදීමට සිදුවන කරදර එතනින් අවසන්වන්නේ නැත. ඒ මොහොතේම Baker පවුලේ ප්‍රධානියා වූ Jack Baker ගේ ප්‍රහාරයක් හමුවේ Ethan සිහිසුන් වේ.

සිහිය ලබනවිට Mia විසින් කපාදැමූ අත නැවත සවිකර තිබූ අතර ඔහුව පුටුවකට තබා බැඳ තබා තිබුණි.ඔහුට දක්නට ලැබුනේ ඔහුගේ ජීවිතයේ දුටු ව්‍යාකූලම හා අප්‍රසන්නම දර්ශනයයි.ඔහුගේ ඉදිරියේ Dinner table එකක් විය. Baker family එක dinner table එක වටා අසුන්ගෙන සිටියහ. මහලු කාන්තාවක්ද අසල රෝදපුටුවක සිටියාය. Dinner එක සඳහා සූදානම්ව තිබුනේ මිනීමස් හා මිනිස් අවයවයන්ය. මෙය දුටු Ethan ට මහත් පිළිකුළක් ඇතිවේ.ඉන්පසු Baker family එක එම මිනිස් අවයව Ethan ට කැවීමට උත්සාහකරන අතර එම මොහොතේම මැදුරේ doorbell එක නාදවේ. Family dinner එකට බාධා වන්නේ කාගෙන්දැයි සොයාබැලීමට Baker family එකම මේ අවස්ථාවේදී කෑම කාමරයෙන් පිටවයයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා Ethan එතනින් නිදහස්වෙන අතර ඔහුට Zoe Baker එනම් Baker family එකේ දියණියගෙන් ඇමතුමක් ලැබේ.ඇය තමන්ගේ පවුලට ආසාදනය වී ඇති වෛරසය ගැන පැහැදිලි කරන අතර එමගින් Baker family එක හා Mia අමනුෂ්‍යයන් බවට පත්වූ අයුරු Ethan ට පැහැදිලි වේ. Zoe විසින් Ethan ට පවසන්නේ වෛරසය සඳහා Antidote serum එකක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය Baker residence එක ආශ්‍රිතව ගවේෂණය කර සොයාගන්නා ලෙසයි. ඉන්පසු එමගින් ඇයව හා Mia වද සුවකළ හැකි බව Zoe තවදුරටත් පවසයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද?අවශ්‍ය components සොයාගෙන Mia ව සුවකිරීමට Serum එක සෑදීමට Ethan ට හැකිවේවිද? Baker family එකේ ග්‍රහණයට ඔහු නැවතත් පත්වේවිද? මෙම වෛරසයේ ආරම්භය කෙසේ සිදුවුණිද?මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

2017 වසරේදී නිකුත්වූ First-person survival horror ගණයට අයත්වන පරිගණක ක්‍රීඩාවක් වන මෙය first-person බැවින් horror feeling එක උපරිමයෙන් අත්විඳීමට ක්‍රීඩකයාට හැකිය.අපගේ චරිතය වන Ethan කිසිලෙසකින් Baker මන්දිරයේදී මෙවන් අත්දැකීමකට මුහුණදීමට නොසිතා සිටියා වියයුතුය.එම නිසා අපට Baker residence එකේ survive වීමට නම් ඒ සඳහා Weapons, ඒ සඳහා ammo හා first aid අවශ්‍ය වේ.එසේම විවිධ ammo craft කිරීමට අවශ්‍ය Gun powder,chem fluid ද First aid craft කිරීමට අවශ්‍ය herbs වැනි දේද අපට Baker residence එක explore කර සොයාගත හැකිය.

Baker මන්දිර පරිශ්‍රය ක්‍රීඩාවේ map එක වන අතර එය ප්‍රධාන කොටස් 3කි.එක් එක් පරිශ්‍රයේදී Baker family members තිදෙනාට මුහුණදීමට ඔබට සිදුවේ. Antidote serum එකට අවශ්‍ය components සියල්ල සොයාගැනීමට නම් ඔබට මෙම පරිශ්‍රයම explore කිරීමට සිදුවේ. එසේම එම explore කරන අතරතුර main story එකට අදාල Jack,Marguerite හා Lucas Baker ගේ boss battles වලටද මුහුණදීමට ඔබට සිදුවේ. Baker family එකට අමතරව ඔවුන්ට ආසාදනය වූ වෛරසයෙන් නිර්මාණය වූ Moulded නමැති ජීවීන්ද enemies ලෙස අපට හමුවේ. Weapons, ammo ආදිය සොයාගෙන survive වීමට අමතරව ක්‍රීඩකයාගේ puzzle solving හැකියාවද මෙම ක්‍රීඩාවේදී පරීක්ෂා කෙරේ. එම puzzle solve කර විවිධ keys ලබාගෙන විශේෂිත කාමරවලට ඇතුළුවිය හැකි අතර ඇතැම් puzzles solve කිරීම මගින් ක්‍රීඩාවේ ඉදිරියට වැදගත්වන Secret passages ද unlock කරගත හැකිය.

RESIDENT EVIL 7 biohazard_20170125012952

ක්‍රීඩකයාට ත්‍රාසය උපරිමයෙන් අත්කරදෙන පරිගණක ක්‍රීඩාවක් වන මෙය ත්‍රාසජනක පරිගණක ක්‍රීඩා ප්‍රියකරන ක්‍රීඩකයන්ට සුදුසුම ක්‍රීඩාවකි.Resident Evil 7 – Biohazard සඳහා අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්…..

SystemMinimumRecommended
CPUIntel Core i5-4460 (2.70GHz) or AMD FX-6300 or betterIntel Core i7 3770 3.4GHz or AMD equivalent or better
GPUNVIDIA GeForce GTX 760 or AMD Radeon R7 260xNVIDIA GeForce GTX 960 or AMD Radeon R9 280X or better
VRAM2GB2GB
RAM8GB8GB
Storage24GB24GB
OSWindows 7,8,8.1,10(64 bit)Windows 7,8,8.1,10(64 bit)

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *