Home Tech News Internet Facebook තමන් සතු Facial Recognition දත්ත ඉවත් කිරීමට සූදානම් වේ.
Internetsocial mediaTech News

Facebook තමන් සතු Facial Recognition දත්ත ඉවත් කිරීමට සූදානම් වේ.

Share
blank
Share

වසර දහයක පමණ සිට එකතු කරගත් තම users ල හඳුනා ගැනීමේ facial recognition දත්ත ඉවත් කිරීමට Facebook ආයතනය මේ වෙද්දි සූදානම් වෙනවා. ඒ Facebook ඇතුලු තවත් ආයතනවල මව් ආයතනය වශයෙන් අලුත්ම Meta නමින් ආයතනයක් පිහිටුවා ගැනීමේ පසුබිමත් සමගයි. විවිධ පෞද්ගලිකත්වය පිලිබඳ ගැටළු, රජයන්ගෙන් එල්ල වුන සම්බාධක හා නීතිමය ප්‍රශ්න වලට මුල්වුනු මේ පහසුකම සතුව බිලියනයකට අධික users ල ප්‍රමාණයක දත්ත ඇතුලත් වෙනවා.

Users ලගෙ කාලය ඉතිරි කිරීමේ අරමුණෙන් මේ facial recognition පහසුකම මුලින්ම Facebook වලට හඳුන්වා දුන්නෙ 2010දි. මේ තාක්ෂණයෙන් users ලට තමන් upload කරන photos වල සිටින පුද්ගලයන් ඉතා පහසුවෙන් එක click එකකින් tag කිරීමටත් ඒත් සමග ඒ tag වෙන user ගෙ profile එක photo එකට link කිරීමටත් හැකි වෙනවා. මේක කාලයක් යද්දි විවිධ තත්ව වල තිබෙන photos වල ඉන්න පුද්ගලයන් හඳුනාගන්න පුලුවන් තරමට දියුණු මට්ටමට පත් වුනා, ඒකට හේතු වුනේ Facebook සතුව ඇති අති විශාල digital photos එකතුව සහ ඒත් එක්ක ලබාගන්න පුලුවන් data set එක‍යි.

පසුගිය අවුරුදු කීපයේ ඉතා සීඝ්‍රයෙන් දියුණු වුන facial recognition තාක්ෂණය අවභාවිතා කරන්න පුලුවන් ක්‍රම ගැන විවිධ විවාද ඇතිවී තියනවා. Facebook ආයතනයනම් තරයේ ප්‍රකාශ කරල තිබුනෙ තමන් සතු facial recognition දත්ත කිසිවිටෙක වෙනත් පාර්ශවයක්ට අලෙවි නොකරන බවත් ඒ දත්ත යොදාගන්නෙ තම සේවා මත පමණක් කියලයි. කොහොම උනත් විවිධ පැති වලින් එල්ල වුන පීඩනය Facebook ආයතනයට හිසරදයක් වෙලයි තිබුනෙ. මේ හේතුව නිසා Facebook ආයතනය ඩොලර් බිලියන ගණනින් දඩ ගෙවලත් තියනවා.

මේ කාරණා එක්ක Facebook ආයතනය මේ විදිහට තමන් සතු facial recognition දත්ත ඉවත් කිරීමට සැරසෙනවා වෙන්න පුලුවන්. Facebook සමාගමේ ප්‍රධානී Mark Zuckerberg ප්‍රකාශ කරල තියනවා Meta නමින් මව් සමාගම ආරම්භ කරනවත් එක්කම ඊලඟ online frontier එක සමාගමේ “Metaverse” එක කරන්න තමන් සූදානම් බවයි. මේ දත්ත ඉවත් කිරීම Facebook users ල මුලු ප්‍රමාණයෙන් 4න් 3කටත් වඩා ප්‍රමාණයකට බලපානවා. මේ facial recognition එක කලින් වෙනත් අයගෙ පින්තූර යොදාගන්න අවස්තාවල ඒ accounts හඳුනාගන්නත් අන්ධ පුද්ගලයන් සඳහා පින්තූරවල තිබෙන දේ විස්තර කිරීම වැනි කාරණා වලට යොදාගෙන තිබුනා.

Facebook ආයතනය දෙසැම්බර් වෙද්දි බිලියනයකට අධික පිරිසකගෙ face recognition දත්ත ඉවත් කිරීමට තීරණය කරත්, ඒ දේ කරන්න යොදාගත්ත DeepFace කියන software එක ඉවත් කරන්නෙ නෑ. ඒ වගේම සමාගමේ ඉදිරි සේවා සඳහා facial recognition තාක්ෂණය යොදා නොගන්නව කියලත් තීරණයක් තවනම් ඇරන් නැහැ. මේ විදිහට facial recognition තාක්ෂණය තමන්ගෙ සේවා වලින් අයින් කරපු පලවෙනි ඇමරිකානු ප්‍රධාන tech company එක Facebook නෙවෙයි, මීට කලින් Amazon, Microsoft සහ IBM වගේ ආයතනත් මේ තාක්ෂණය යොදාගන්න එක අවම කරල හෝ සම්පූර්ණයෙන් නවතල දාලා තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...