Home Tech News Phones ඉදිරියෙදි අලුත්වෙන WhatsApp විශේෂාංග
PhonessoftwareTech News

ඉදිරියෙදි අලුත්වෙන WhatsApp විශේෂාංග

Share
blank
Share

මෑත කාලයේදී WhatsApp විසින් නව විශේෂාංග කිහිපයක්ම හදුන්වාදෙනු ලැබුව. ඒ අතර group chat වලින් ඉවත් වීමේදී එහි ඇඩ්මින්ල පමනක් දැනුවත් වීම ඉන් එකක්. දැන් නවතම තොරතුරු වලට අනුව WhatsApp සමාගම විසින් group chat එකකට සම්බන්ධ වියහැකි සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කලහැකි update එකක් පරීක්ශා කරමින් පවතිනව. 

WhatsApp භාවිතා කරන්නන් හට දීර්ඝ කාලයක් තිස්සෙ group chat  එකකට එක් කරන්න පුලුවන් උනෙ සාමාජිකයන් 256 පමනයි. නමුත් මෑත දිනකදි එම සංඛ්‍යාව 512 දක්වා වැඩි කරා. ඒ වගේම voice call එකකට සාමාජිකයන් 32 සහ නව WhatsApp calling UI එකකුත් update එකකින් ලබාදුන්නා.

WABetaInfo මගින් දක්වන ආකාරයට නැවත වරක් දැනට ඇති සාමාජික සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමට WhatsApp සමාගම බලාපොරොත්තු වෙනව. මීට දින කිහිපයටකට පෙර Android සහ iOS සදහා නිකුත් කල beta (version 2.22.21.74) එක මගින් මෙම විශේෂාංග පරීක්ශා කර බැලුව. එහි single group chat එකක් සදහා සාමාජිකයන් 1024 එක් කරන්න පුලුවන්කම තිබ්බ. මෙය WhatsApp සමාගම විසින් ගත්ත වැදගත් පියවරක් වන අතර ඉදිරි මාස කිහිපයේදී සියලුම platforms සදහා මෙම update එක නිකුත් කරන බව වාර්තා වෙනව.

ඉහත දැක්වෙන ආකාරයට සාමාජිකයන් 1024ක් single group chat එකකට ඇඩ් කරන්න පුලුවන් වෙනව. මෙම update එක beta testersල කිහිප දෙනෙකුට පමනයි නිකුත් කර තිබෙන්නෙ.

ඒවගේම මෙම group chat සාමාජිකයන් සංඛ්‍යාවට අමතරව WhatsApp විසින් group invitations ලැයිස්තුවක් පෙන්වන ආකාරයේ update එකකුත් මේ වනවිට පරීක්ශා කරමින් පවතින බව වාර්තා වෙනව. එමගින් ඇඩ්මින්ල හට නව invitations දැකගත හැකි වන අතර එම invitations අනුමත කිරීමේ හැකියාව ලැබෙනව. එනමුත් දැනට පරීක්ශන මට්ටමේ පවතින වඩාත්ම විශේෂිත අංගය වෙන්නෙ WhatsApp තුල poll හෙවත් ඡන්ද විමසීම් නිර්මාණය කිරීමයි. මෙයත් ඉදිරි update තුලින් සියලුම පරිශීලකයන්ට ලබාදෙනු ඇතැයි වාර්තා වෙනව.

මෙහි WhatsApp Communities feature නිකුත් කරන දිනයක් නිශ්චිත දිනයක් තවමත් නැති වුනත් නව group-related විශේෂාංග ඉක්මනින්ම නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවයි දැක්වෙන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...