Press ESC to close

Radeon or Nvidia

අපි හැමෝම දන්නව මේ දින වල ලෝකයෙ ප්‍රකට Graphic Card සමාගම් දෙක වෙන AMD සහ Nvidia අතර තරග කාරී බවක් ඇතිව තිබෙනව, මේ Graphic Card අලවි කිරීම පිලිබදව.

AMD සමාගම තමන්ගෙ අලුත්ම Graphic Card series එක පසුගිය වසරේ එලි දැක් වුවා එයට සමගාමීව ඔවුන්ගෙ නව Graphic Card මාදිලි රැසක් ඔවුන් වෙලදපලට නිකුත් කලා සහ නිකුත් කිරීමට නියමිතව තිබෙන බව දැනුම් දුන්න. ඉතින් AMD සමාගම Mid Range පරිගනක සදහා ඔවුන්ගෙ අලුත්ම Graphic Card එක මේ වෙනකොට වෙලදපලට නිකුත් කරල තියෙනව එ AMD Radeon RX5600XT ලෙසින්, නොබෝ දිනකින් වෙලදපලෙන් මිලදී ගැනීමට හැකියාවක් තිබෙන මේ Graphic Card එකේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනව.

Get Your Site Up with A2 Hosting

AMD RX5600 XT කියන Graphic card එක අනෙකුත් නිශ්පාදන හා සසදන විට Price to performance අතින්ය AMD Graphic කියන නාමය නැවත ඔප දැමීමට සමත් වෙලා තිබෙනව.

විශේෂයෙන්ම RX5600 XT  කාඩ් එකෙහි මිල , Power Consumption එක, තාක්ශනය සහ Durability එක යන කාරනා වලදි මෙම නව නිශ්පාදනය අනෙකුත් නිශ්පාදනයන් හා සසදන විට ඉදිරියෙන් සිටින බව AMD සමාගම කියා සිටිනවා.

 

Nvidia සමාගමෙ GTX 1660 Ti කාඩ් එක සමග සමව යන RX5600 XT card එක ඊටත් වඩා යම් ප්‍රමාණයක ඉහල කාර්‍යක්ශමතාවයකින් යුතු වෙනව. ඒ වගේම තමයි මේ AMD RX5600XT කාඩ් එකද 7nm (නැනෝමීටර් ) තාක්ශනයෙන් නිපදවා ඇති නිසා වැය වන විදුලියද අඩු මට්ටමක පවතිනව.

Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *