Home Tech News EVGA RTX 30 Series GPU හොරකම
Tech News

EVGA RTX 30 Series GPU හොරකම

Share
blank
Share

මේ වෙනකොට Global Chip shortage එක සහ තවත් නොයෙකුත් කරුණු එක්ක GPU ගණන් වැඩි වෙලා තියෙද්දි EVGA සමාගමේ Truck එකක් පිටින්ම RTX 3060 සිට RTX3090 දක්වා Graphics Cards විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරපු Truck එකක් California වලදි Hijack කරල තියෙනව.

EVGA Product manager Jacob Freeman සදහන් කරල තියෙන විදිහට මේ Graphic Cards තොගය San Fransisco වල සිට EVGA Southern California Distribution center එකට ප්‍රවාහනය කරද්දි තමයි මේ සිදුවීම වෙලා තියෙන්නෙ. මේ විදිහට පැහැරගෙන තියෙන Cards ප්‍රමාණය සුළුපටු නොවෙන බව තමයි දැනගන්න ලැබෙන්නෙ.

මේ විදිහට Graphics Cards නැති වෙච්ච පළමු අවස්ථාව මෙය නෙමෙයි. 2020දි චීනයේ MSi Factory එකකින් RTX 3090 Cards තොගයක් සොරකමට ලක්වුනා. මේ වල වටිනාකම රුපියල් 68,509,000 ක් පමණ ($340,000) වෙන බවත් ගණන් බලා තිබුන. කොහොම වෙතත් මේ අළුත් සිදුවීමේදී හානිය මීට වඩා වැඩි අගයක් වෙන බව ආරංචි වෙනව.

EVGA සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියෙ මේ විදිහට සොරකම් කල GPU වල Serial Numbers හරහා Track කිරීම තුලින් මෙම Card වලට කිසිදු ආකාරයේ Warranty Claim එකක් හෝ Upgrade -Exchange පහසුකම් ලබා නොදෙන බවයි. මේ නිසා ඉදිරියේදි Websites තුල EVGA GPU විකිණීමට තිබුනොත් ඒවා මිළදී ගැන්මට පෙර EVGA Status Check Page එකට ගිහින් එම Card එක මේ විදිහට නැති වෙච්ච එකක්ද කියන එක දැනගැනීම වැදගත් වෙන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...