
iPhone පරිශීලකයින්ට දැන් iPhone දුරකතනයෙ default දුරකථන ඇමතුම් සහ පණිවිඩ යැවීමේ ඇප් එක විදියට WhatsApp සකසන්න පුලුවන්. මෙය iOS 18.2 අප්ඩේට් එක සමඟ හඳුන්වා දී ඇති නව විශේෂාංගයක්.
මෙම විශේෂාංගය භාවිතා කිරීමට, ඔබේ දුරකතනයෙ Settings වලට පිවිසෙන්න. එහිදී, Apps > Default Apps වෙත යන්න. එහි Calling සහ Messaging සඳහා WhatsApp තෝරාගන්න. මෙයින් පසු, ඔබ දුරකථන ඇමතුම් කිරීමට හෝ පණිවිඩ යැවීමට උත්සාහ කරන විට, WhatsApp ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.

මේ වෙනස, WhatsApp මඟින් ඇමතුම් සහ පණිවිඩ යැවීම ප්‍රධාන වශයෙන් භාවිතා කරන පරිශීලකයන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. නමුත්, මෙම විශේෂාංගය භාවිතා කිරීමට පෙර, ඔබේ WhatsApp ඇප් එක නවතම සංස්කරණයට අප්ඩේට් කර ඇති බව සහ iOS 18.2 අප්ඩේට් එක install කර ඇති බව තහවුරු කරගන්න.
මෙම නව විශේෂාංගය, iPhone පරිශීලකයින්ට ඔවුන්ගේ කැමැත්ත අනුව App default සැකසීමට වැඩි නිදහසක් ලබාදෙනවා.
Comments (1)
Volovosays:
April 3, 2025 at 7:12 amEka niamai