Home Tech News ඉදිරියෙදි ඇමතුම් ගන්න default ඇප් එක Whatsapp
Tech News

ඉදිරියෙදි ඇමතුම් ගන්න default ඇප් එක Whatsapp

Share
blank
Share

iPhone පරිශීලකයින්ට දැන් iPhone දුරකතනයෙ default දුරකථන ඇමතුම් සහ පණිවිඩ යැවීමේ ඇප් එක විදියට WhatsApp සකසන්න පුලුවන්. මෙය iOS 18.2 අප්ඩේට් එක සමඟ හඳුන්වා දී ඇති නව විශේෂාංගයක්.

මෙම විශේෂාංගය භාවිතා කිරීමට, ඔබේ දුරකතනයෙ Settings වලට පිවිසෙන්න. එහිදී, Apps > Default Apps වෙත යන්න. එහි Calling සහ Messaging සඳහා WhatsApp තෝරාගන්න. මෙයින් පසු, ඔබ දුරකථන ඇමතුම් කිරීමට හෝ පණිවිඩ යැවීමට උත්සාහ කරන විට, WhatsApp ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.

මේ වෙනස, WhatsApp මඟින් ඇමතුම් සහ පණිවිඩ යැවීම ප්‍රධාන වශයෙන් භාවිතා කරන පරිශීලකයන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. නමුත්, මෙම විශේෂාංගය භාවිතා කිරීමට පෙර, ඔබේ WhatsApp ඇප් එක නවතම සංස්කරණයට අප්ඩේට් කර ඇති බව සහ iOS 18.2 අප්ඩේට් එක install කර ඇති බව තහවුරු කරගන්න.

මෙම නව විශේෂාංගය, iPhone පරිශීලකයින්ට ඔවුන්ගේ කැමැත්ත අනුව App default සැකසීමට වැඩි නිදහසක් ලබාදෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...