Home Tech News OxygenOS සහ ColorOS එකතුවේ
Tech News

OxygenOS සහ ColorOS එකතුවේ

Share
blank
Share

පසුගිය වසර කිහිපයෙ සිට OnePlus වල වෙනස්කම් කිහිපයක්ම උනා. Co-founder වෙන Carl Pei සමාගමෙන් ඉවත් වෙලා “Nothing” කියල අලුතෙන් සමාගමක් පටන් ගත්තා, re-brand කරපු Oppo දුරකථන ඇමරිකාව වගේ රටවල OnePlus Nord කියන brand එකෙන් නිකුත් කරා. මේ අවුරුද්දෙ මුල OnePlus CEO වන Pete Lau කියා සිටිය OnePlus තමන්ගෙ සහෝදර සමාගමක් වෙන Oppo සමාගමත් එක්ක තව දුරටත් එකතු වෙලා වැඩ කරන්න සූදානම් බවයි.

මේ ක්‍රියාවලියෙ තවත් පියවරක් විදිහට OnePlus වල OxygenOS සහ Oppo වල ColorOS එකතු වෙන්නයි යන්නේ. දැනට ආරංචි වෙන විදිහට මේ OS දෙකේම නම් වෙනුවට අලුතෙන් ආකර්ෂණීය නමක් හඳුන්වා දේවි. ඒ නම මොකක් වේවිද කියලනම් තවම ආරාංචියක් නෑ. මේ ගැන මුලින්ම සඳහන් කරේ Pete Lau විසින්.

මේ OS දෙක එකතු වීම දැනටමත් OxygenOS 12 සහ ColorOS 12 වලින්ම ආරම්භ වෙලා තියනවා. 2022 දි නිකුත් වෙන්න නියමිත Flagship OnePlus දුරකථන එක්ක මේ අලුත් OS එක නිකුත් වේවි. දැනටමත් නිකුත් වෙලා තියන සමහරක් devices වලටත් ඊලඟ ප්‍රධාන android update එක විදිහට ඊලඟ වසරෙ මේ අලුත් OS එක නිකුත් වෙනවා. ඒ devices මොනවද කියල පසුව OnePlus ආයතනය දැනුම් දේවි. Pete Lau මේ ක්‍රියාවලිය හඳුන්වන්නෙ “OnePlus 2.0” විදිහටයි. OnePlus brand එකේ Flagship දුරකථන ලෝකය පුරා එකම brand එකකින් අලෙවි කරන අතර mid range සහ budget දුරකථන ලෝකයේ එක් එක් කලාප වලට ආවේණික වෙන විදිහට නිකුත් කරාවි.

OnePlus තමන්ගෙ camera පද්ධතිය සංවර්ධනය කිරීම දිගටම කරගෙන යනව කියල සඳහන් වෙනවා. OnePlus users ල ඉතා කැමති OxygenOS වල smooth අත්දැකීමත් අලුතෙන් නිකුත් කරන්න නියමිත OS එකේ අනිවාර්‍යයෙන් තියේවි. පසුගිය ජනවාරි මාසයේ OnePlus සහ Oppo තමන්ගෙ පර්යේෂණ හා සංවර්ධන ඒකක එකතු කරා තමන්ගෙ සම්පත් වඩා කාර්‍යක්ශම විදිහට ඒ කටයුතු වලට යොදවන්න.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...