Home Tech News Events මිලියන 63ක RTX 3090 හොරකම
EventsGraphicsTech News

මිලියන 63ක RTX 3090 හොරකම

Share
blank
Share

චීනයේ MSI Factory එකකින් අපනයනය සදහා සකස් කර තිබූ RTX 3090 Graphic Cards විශාල ප්‍රමාණයක් හොරකම් කිරීමේ සිද්දියක් වාර්ථා වෙනව.

චීනයේ MSI Factory එකකින් $340,000ක් (රුපියල් 63,305,926) වටිනා MSI RTX 3090 Cards අසුරා තිබුනු පෙට්ටි 40ක් හොරකම් කිරීමත් සමගම එය පරිගණක ලෝකය තුල දැඩි කතාබහකට ලක්වෙලා. මේ සිද්ධිය ගැන පොලිසිය දැනුවත් කර ඇති බවත් අදාල Factory එකේ Shipping Area එක තුල තිබූ මෙම පෙට්ටි 40 (Card 220ක් පමණ) නැති වීම සම්බන්දයෙන් තොරතුරක් ලබා දෙන්නෙකුට මුදල් ත්‍යාගයක් ලබාදීමටද සූදානම් බව දන්වමින් මේ ගැන නිවේදනයක් පවා නිකුත් කරල.

මෙම නැතිවූ Box අසුරා තිබුනු පෙදෙස CCTV වලින් ආවරණය වන ප්‍රදේශයක් බවත් Factory එක තුලට එන යන Truck රථ පරික්ෂා කරන නිසා මෙය Factory එක තුල සේවයෙ නියුතු කෙනෙක්ගේ අනුදැනුම මත සිදුවූ දෙයක් විය හැකි බවටක් සැක බළවී ඇති බවටත් වාර්ථා වෙනව.

මේ වන විට Nvidia RTX 3000 Cards වලට ඇතිවී තිබෙන අධික ඉල්ලුමත් සමග සාමාන්‍ය RTX 3090 Card එකක් සදහන් කර ඇති Retail price එකට වඩා අතිශයින් වැඩි $2,250 ක් (රු 418,936) වැනි මිලකට විකිණෙන බවත් වාර්ථා වෙනව. මේ නිසාම මෙවැනි සොරකම් වල ඉලක්කයන් බවට RTX 3090 පත්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වීමේ වැඩි අවධානමක් පවතිනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...