Home Tech News Events MSI සහ Abans එක්ව වඩාත් විශිෂ්ට සේවාවක් සදහා සැරසෙයි
Events

MSI සහ Abans එක්ව වඩාත් විශිෂ්ට සේවාවක් සදහා සැරසෙයි

Share
Share

ලෝකයේ Gaming පරිගණක වලින් පළමු ස්ථානය දිනා සිටින MSI සමාගම දැන් Abans සමාගම සමග එක්ව  ශ්‍රී ලංකාව තුල  තම පාරිභෝගිකයන්හට වඩාත් පහසු සේවාවක් ලබා දීම සදහා සැරසී සිටිනවා.

This slideshow requires JavaScript.

2019 මාර්තු මස 31 වනදා Colombo City Centre හි පැවති Abans සහ MSI Official Launch උත්සවය මේ නව සංධිස්ථානයක ඇරඹුම සනිටුහන් කලා. මේ අවස්ථාවට එක්වූවන්ට නවතම RTX MSI Laptop මාදිලි මගින් VR ක්‍රීඩා කිරීමේ පහසුකම ලබාදී තිබුනු අතර 1 on 1 Gaming අවස්ථා හරහා ත්‍යාග ලබාගැනීමේ අවස්ථාවන්ද හිමිවුනා.

වසර 50කට අධික කාලයක් තම පාරිභෝගියන්ට උපරිම සේවාවක් ලබාදෙමින්, ඒ ඔස්සේ දිවයින පුරා ව්‍යාප්ත ශාඛා 400ක පමණ ජාලයකින් යුතු දැවැන්ත වෙළද නාමයක් වන Abans සමාගම තම පරිගණක මාදිලි අතරට MSI Gaming Laptop මාදිලි එකතු කරගැනීම පාරිභෝගියන්හට තම මිළදී ගැනීම් වලට නව පහසුවක් එක් කිරීමක් වනු ඇති.

Abans වෙතින් 2019 මාර්තු මස නිකුත්වන MSI Laptop මාදිලි

ModelGL63GF75GF63
CPUi7 8750Hi7 8750Hi5 8300H
RAM16GB DDR48GB DDR48GB DDR4
HDD1TB - 7200rpm HDD1TB - 7200rpm HDD1TB - 5400rpm HDD
Boot Drive256GB NVMe SSD128GB NVMe SSD-
GraphicsRTX 2060 6GB GDDR6GTX 1050Ti 4GB GDDR5GTX 1050 4GB GDDR5
Screen15.6" FHD17.3" FHD Thin Bezel15.6" FHD Thin Bezel
DisplayAnti GlareIPSIPS

මේ අනුව ගෙවීමේ පදනම මත Credit Card පහසුකම සහිතව මෙන්ම Credit Card රහිත අයට Abans ගෙවීමේ ක්‍රම යටතේ මූලික ගෙවීමක් කර, ඉන්පසු මාස 12ක් දක්වා ගෙවීම් කිරීමට මේ ඔස්සේ පහසුකම් සලසාගත හැකියි. (වැඩි විස්තර ලගම Abans ප්‍රදර්ශනාගාරයෙන් ලබාගත හැක)

එමෙන්ම ඔබ ලබාගන්නා MSI Laptop වල Service සහ Warranty පහසුකම් ලංකාව පුරා පිහිටි ඕනෑම Abans ප්‍රදර්ශනාගාරයකින් ලබාගැනීමට හැකියාව පවතිනවා. මේ හරහා බොහෝවිට Warranty සේවාවන් ලබාගැනීමට තම වටිනා කාලය වැයකරගෙන කොළඹට පැමිණීමේ අවශ්‍යතාවයක් අතිවන්නේ නැහැ.

මේ අවස්තාවට MSI Taiwan සමාගම නියෝජනය කරමින් mark Lee සහ Felix එක්වූ අතර Abans සමාගම නියෝජනය කරමින් සන්නාම කළමනාකරු ටිලාන් තෙන්නකෝන් මහතා සහ Abans IT හි කළමණාකරු චතුර ජයවර්ධන මහතා සහාභාගී විය. MSi සමාගම මේ අවස්ථාව ආවරණය කිරීමට ලංකාවේ පරිගණක දැනුම නව මුහුණුවරකින් ලබාදෙන pcguidelk තෝරාගෙන තිබීම වසර දෙකක කාලයක් තුල අප ලබාදී තිබෙන සේවාව සහ එහි ගුණාත්මකභාවය ගැන ඇති විශ්වාසය පල කරන්නක් බව පැවිසිය යුතුමයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

7 Comments

  • Abans එකේ කියන්නේ GF63 model එකේ තියෙන්නේ gtx 1050 ti vga එකක් කියලා. හරියටම දැනගන්න විදිහක් නැද්ද??

    • මේ ලිපියෙ තියෙන්නෙ Abans එකෙන් දුන්න Leaflet එකක තොරුතුරු. ලගම තියෙන Abans Showroom එකෙන් තමයි දැනගන්න වෙන්නෙ එයාල දැන් ඉදිරිපත් කරන Model වල වෙනසක් තියෙනවද කියල

  • aiye mata buy karanna one Msi GL63 Lap ekak,

    Mama Gl63 8Rc i7 lap eka gattothda hoda nathnam GL63 8RD i5 lap eka gannada.Mata me deke Difference eka therenne naa

  • අයියා පොඩි හෙල්ප් එකක් දෙන්න. මට architectural designing rendering, graphic design වලට gf75 lap එක අවුලක් නැද්ද? මගේ budget එකට ඒක select කරේ. ඒකේ heavy use කරල මේ වැඩ ටික කරන්න පුලුවන්ද? ලොකු උදව්වක් ගන්න කලින් විස්තරයක් දැනගන්න පුලුවන්නම්. මොකද කාලයක් පාවිච්චි කරන්න ගන්න නිසා. Thank you අයියා උවව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. මේ ගැන අහන්න කෙනෙක් නෑ.

  • Mama baluwe ASUS rog zephyrus G15 GA503 lap ekak
    Oyala me Asus brand ewa karanawada
    Mekata samana MSI Ekak thiyanawada
    Abans haraha gewanna ganna puluwanida

Leave a Reply to LiyanageCancel reply

Related Articles

MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක

MSI එක්ක  Ubisoft එකතු  වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට...

China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling

චීනයේ Mainland එක වෙත Honkong -Tax Free trade zone වලින් මිලදී ගන්නා...

6 Year Warranty එකක් සමග එන Arctic Coolers

Gaming PC එක Workstation එක Cool එකේ තියන්න ලංකාවට එන අළුත්ම Cooler...

ChatGPT එකට එරෙහිව Google වෙතින් Bard

මෑත කාලයේදී OpenAI සමාගමෙන් නිපදවූ ChatGPT නම් automated text generation පද්ධතිය වැඩි...