Home Tech News Graphics ලීක් වුනු NVIDIA RTX 4070 Ti පිලිබද තොරතුරු
GraphicsHardwareTech News

ලීක් වුනු NVIDIA RTX 4070 Ti පිලිබද තොරතුරු

Share
blank
Share

NVIDIA සමාගම විසින් ලබන සතියේදී RTX 4070 Ti graphic card එක නිකුත් කරන බව නිවේදනය කර තිබෙනව. නමුත් නිකුත් කිරීමේ දිනයට පෙර මෙහි නිළ නොවන specs අන්තර්ජාලයට නිකුත් වී තිබෙනව. ඒ වගේම එහි මිල පිලිබදවත් සදහන් වී තිබෙනව.

RTX 4070 Ti හි 12GB GDDR6X මතකයක් සහ 7,680 Cuda cores වලින් සමන්විත වෙනව. ඒ වගේම මෙය overclock කිරීම මගින් 2.61GHz දක්වා උපරිමයකට යා හැකි බව වාර්තා වෙනව. NVIDIA සමාගම මෙම කාඩ් එක මගින් 4K gameplay 240Hz උපරිමයක් සහිතව ලබාදීමටත් 8K visuals 60Hz දක්වා ලබාදීමටත් හැකිවන පරිදි නිපදවා තිබෙනව.

මෙම RTX 4070 Ti මගින් 12GB RTX 3080 කාඩ් එකට වඩා 3.5 ගුනයකින් පරිගණක ක්‍රීඩා සදහා සහය දක්වනව. ඒ එහි ඇති නවතම RT Overdrive මාදිලිය සක්‍රීය කිරීම මගිනුයි.

RTX 4070 Ti කාඩ් එක විවාරකයින් හදුන්වා දී තිබුනේ 12GB RTX 4080 කාඩ් එකේම rebranded සංස්කරණය ලෙසයි. ඒ නිසා NVIDIA සමාගම ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කිරීමට තිබූ මෙම කාඩ් එක නිකුත් කිරීම කල් දැමුවා.

ලීක් වී ඇති තොරතුරු වලින් දැක්වෙන්නෙ NVIDIA සමාගම මෙම කාඩ් එක $799 මුදලකට විකුනනු ඇති බවයි. RTX 4070 Ti පිලිබද නිළ තොරතුරු ලගදීම දිනක නිකුත් කරනු ඇත. NVIDIA සමාගම GeForce Beyond event එක ජනවාරි 3වන දිනට යොදාගෙන තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...