Press ESC to close

Gaming වලට 1050Ti ද 1060 3GB ද?

Gaming වලට Build එකක් කරන්න හිතන් ඉන්නවනම් 2019 මාර්තු වෙනකොට වෙළදපොලේ තියෙන මිළ ගණන් එක්ක ලක්ෂ 2ක් ඇතුලත හදන්න පුලුවන් Gaming PC එකක් ගැනයි මේ විස්තර කරන්නෙ.

intel තෝරගන්න හේතුව

Get Your Site Up with A2 Hosting

පළමුවෙන්ම කියන්න ඕන Gaming, Editing, Graphic වගේ ඕනම දේකට AMD සහ intel කියන CPU දෙකම ගැලපෙනව. නමුත් Gaming වලටම හදන PC එකකට intel තෝරගන්න එක සුදුසුයි. මොකද Base clock එක සහ Boost Clock එක intel CPU වල වැඩි නිසා. ඉතින් මුදල් තියෙනවනම් intel 6 core එකකට යන්න පුලුවන්. නමුත් මේ ගානටම Cores 6ක් සහ Threads 12ක් තියෙන AMD RYZEN එකක් ගන්න පුලුවන්.

Hyper Threading කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මෙන්න මේ Video එක බලන්න

Core i3ද Core i5 ද?

මේ Build එකට අපි Core i5 එකක් තෝරගත්ත ඉදිරියෙදි ලේසියෙන්ම Graphic Card එක Upgrade කරන්න පුලුවන් නිසා. දැනට තියෙන games 8th gen i3 – 4 core CPU එකකින් හොදට Play කරන්න පුලුවන් උනාට ලබන වසරෙ ඒ කියන්නෙ 2020 වෙද්දි දැන් තියෙන RTX Card එක්ක හොදම Performance ගන්න 4 Cores වලින් එහාට යන්න වෙනව.

System එකට යොදාගත්ත කොටස් සහ මිළ ගණන්

Itemdescription Price
CPUintel 8400 - 6/6Rs.39,000
MotherboardAsus TUF B360 ProRs.25,000
RAMG.SKILL RIPJAWS V 8GBRs.12,500
Graphic CardGigabyte GTX 1060 3GBRs.43,500
SSDWD 240 GBRs.9,500
HDDSEAGATE BARRACUDA 2TBRs.12,500
Power SupplyCorsair VS450Rs.8,500
CasingCOOLER MASTER MASTERBOX K500LRs.11,500
TOTALRs.162,000

මේ parts හැම එකක්ම විශ්වාසවන්තව සහ වගකීමක් ඇතුව අරන් තියෙන්නෙ දෙහිවල Nanotek Solution එකෙන්.

This slideshow requires JavaScript.

Gaming Performance

මේ gaming PC එකේදි අපි GTX 1050Ti 4GB Card එක සහ GTX 1060-3GB Card එක අතර මොනවගේ performance වෙනසක්ද තියෙන්නෙ කියන එක පරික්ෂා කලා. මොකද GTX 1060 6GB card එකක් රු 60,000 – 70,000 අතර මිලක් වෙද්දි මේ 3GB vesrsion එක රු 45,000ක් වගේ මුදලකට ගන්න පුලුවන්.

GTX 1050 Ti vs GTX 1060 3GB Specs

ModelGTX 1050 Ti 4GBGTX 1060 6GBGTX 1060 3GB
CUDA Cores76812801152
VRAM4GB GDDR56GB GDDR53GB GDDR5
Memory Bus128 bit192 bit192 bit
Direct X121212
Power300W400W400W

 

gaming සහ Results

මේ හැම Game එකක්ම තියෙන උපරිම ULTRA හෝ Very High Settings යටතේ තමයි test කරේ.

මේ තියෙන්නෙ අපි Test කරපු games ටික සහ Cards වලින් ලැබුන ප්‍රතිඵල. මේ test වලදි අපි Screen Capture කරේ නැහැ. මොකද ඒකෙනුත් Frames drop වෙන්න පුලුවන් නිසා. ඒ වෙනුවට Cam එකෙන් Screen Record එකක් තමයි කරේ.

Genuine Windows OEM License Key

මේ Build එකට Windows 10 Pro install කලේ OEM Key එකකින්. OEM Key එකක් කියන්නෙ අඩු මිලකට ගන්න පුලුවන් Genuine Windows Activation Key එකක්. Windows වගේම Office 2016 එකත් 25%ක Discount එකක් එක්ක ගන්න පුලුවන් විදිහ දැනගන්න මෙන්න මේ Video එක බලන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (14)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *