Home Tech News software Calendar, email සහ තවත් විශේෂාංග රැසක් සමග අලුත්වෙන Zoom
softwareTech News

Calendar, email සහ තවත් විශේෂාංග රැසක් සමග අලුත්වෙන Zoom

Share
blank
Share

මෙම ලෝක ව්‍යාප්ත වසංගත කාලය තුල ජනප්‍රිය උනු තවත් එක් මෘදුකාංගයක් තමයි Zoom කියන්නෙ. Zoom app එක එම ජනප්‍රියතාවත් එක්කම එය තව තවත් වැඩිදියුණු වෙමින් තිබෙනව. නමුත් Microsoft 365 හෝ Google workspace වල මෙන් විශේෂාංග ගණනාවක් Zoom තුල අඩංගු වෙන්නෙ නැහැ.

එබැවින් Microsoft සහ Google සමාගම් වලට අභියෝග කිරීමට හැකිවන ලෙස email සහ calendar පහසුකම් Zoom වෙත හදුන්වා දෙනව. මෙයට අමතරව තවත් නව විශේෂාංග විශාල ප්‍රමානයක් ලබාදෙන බවත් එම සමාගම නිවේදනය කර තිබෙනව.

මෙහි Zoom one pro හෝ Zoom standard pro බාවිතා කරන පරිශීලකයන්ට මෙම නව email විශේෂාංගය ලැබෙනව. ඒවගේම ඔවුන්ට custome domain එකක් බාවිතා කිරීමේ හැකියාවත් ලැබෙනව. එයට 100GB cloud storage එකකුත් අයත් වෙනව.

මෙම Zoom email මගින් එය බාවිතා කරන වෙනත් අයෙකුට email යැවීමේදී end-to-end encryption පහසුකම ලැබෙන බව Zoom සමාගම පවසනව. එසේම වෙනත් external email සදහාත් ආරක්ශිතව email යැවීමේ පහසුකම මෙහි අන්තර්ගතයි.

Zoom calendar මගින් meeting Zoom video හෝ voice meeting එකක් schedule කිරීම වැනි දේ කරගන්න පුලුවන්. ඒවගේම මෙම calendar විශේෂාංගය මගින් appointment book කිරීමේ හැකියාවත් පවතිනව.

2023 දී Zoom සමාගම හදුන්වා දෙන්න සූදානම් වෙනව Zoom spots නම් විශේෂාංගයක්. එය virtual core working space එහෙමත් නැතිනම් ව්‍යාපෘතිය වැඩකරන සේවකයන්ට වඩාත් පහසුවෙන් සම්බන්ද වී වැඩකල හැකි විශේෂාංගයක් බවයි වාර්තා වෙන්නෙ.

ඉදිරියෙදි එක්වෙන තවත් විශේෂාංගයක් වෙන්නෙ Zoom virtual agent chatbot එකයි. එය හදුන්වා දෙන්න සූදානම් වෙන්නෙ පරිශීලකයන්ගෙ ගැටලු නිරාකරණය කරදීම සදහායි. එයත් 2023දී හදුන්වාදෙන බවයි එම සමාගම පවසා තිබුනෙ. ඒවගේම ඉදිරියේදි Zoom app marketplace එක තුල සිටින මෘදුකාංග සංවර්ධකයින්ට මුදල් ඉපයීමෙ ක්‍රමයකුත් ඔවුන්ගේ විකුනුම් වැඩි කරගැනීමට උදව්කරන virtual coach කෙනෙකුත් හදුන්වා දෙන බවයි සදහන් වෙන්නෙ.

Zoom සමාගම translation option එකත් ලබන වසරේදී හදුන්වා දෙන බව සදහන් කර තිබෙනව. තවත් ඉදිරියේදි ලැබෙන update අතර smart recording විශේෂාංගය එනම්, meeting record කිරීම සදහා AI තාක්ශනය බාවිතා කිරීම මෙන්ම meeting templates බාවිතා කිරීම සහ Meta avatar බාවිතා කිරීමෙ පහසුකමත් ඉදිරියේදී ලබාදෙන බව එම සමාගම පවසා සිටිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...