ලෝකයේ Gaming පරිගණක වලින් පළමු ස්ථානය දිනා සිටින MSI සමාගම දැන් Abans සමාගම සමග එක්ව ශ්‍රී ලංකාව තුල තම පාරිභෝගිකයන්හට වඩාත් පහසු සේවාවක් ලබා දීම සදහා සැරසී සිටිනවා.
2019 මාර්තු මස 31 වනදා Colombo City Centre හි පැවති Abans සහ MSI Official Launch උත්සවය මේ නව සංධිස්ථානයක ඇරඹුම සනිටුහන් කලා. මේ අවස්ථාවට එක්වූවන්ට නවතම RTX MSI Laptop මාදිලි මගින් VR ක්‍රීඩා කිරීමේ පහසුකම ලබාදී තිබුනු අතර 1 on 1 Gaming අවස්ථා හරහා ත්‍යාග ලබාගැනීමේ අවස්ථාවන්ද හිමිවුනා.
වසර 50කට අධික කාලයක් තම පාරිභෝගියන්ට උපරිම සේවාවක් ලබාදෙමින්, ඒ ඔස්සේ දිවයින පුරා ව්‍යාප්ත ශාඛා 400ක පමණ ජාලයකින් යුතු දැවැන්ත වෙළද නාමයක් වන Abans සමාගම තම පරිගණක මාදිලි අතරට MSI Gaming Laptop මාදිලි එකතු කරගැනීම පාරිභෝගියන්හට තම මිළදී ගැනීම් වලට නව පහසුවක් එක් කිරීමක් වනු ඇති.
Abans වෙතින් 2019 මාර්තු මස නිකුත්වන MSI Laptop මාදිලි
| Model | GL63 | GF75 | GF63 |
|---|---|---|---|
| CPU | i7 8750H | i7 8750H | i5 8300H |
| RAM | 16GB DDR4 | 8GB DDR4 | 8GB DDR4 |
| HDD | 1TB - 7200rpm HDD | 1TB - 7200rpm HDD | 1TB - 5400rpm HDD |
| Boot Drive | 256GB NVMe SSD | 128GB NVMe SSD | - |
| Graphics | RTX 2060 6GB GDDR6 | GTX 1050Ti 4GB GDDR5 | GTX 1050 4GB GDDR5 |
| Screen | 15.6" FHD | 17.3" FHD Thin Bezel | 15.6" FHD Thin Bezel |
| Display | Anti Glare | IPS | IPS |
මේ අනුව ගෙවීමේ පදනම මත Credit Card පහසුකම සහිතව මෙන්ම Credit Card රහිත අයට Abans ගෙවීමේ ක්‍රම යටතේ මූලික ගෙවීමක් කර, ඉන්පසු මාස 12ක් දක්වා ගෙවීම් කිරීමට මේ ඔස්සේ පහසුකම් සලසාගත හැකියි. (වැඩි විස්තර ලගම Abans ප්‍රදර්ශනාගාරයෙන් ලබාගත හැක)
එමෙන්ම ඔබ ලබාගන්නා MSI Laptop වල Service සහ Warranty පහසුකම් ලංකාව පුරා පිහිටි ඕනෑම Abans ප්‍රදර්ශනාගාරයකින් ලබාගැනීමට හැකියාව පවතිනවා. මේ හරහා බොහෝවිට Warranty සේවාවන් ලබාගැනීමට තම වටිනා කාලය වැයකරගෙන කොළඹට පැමිණීමේ අවශ්‍යතාවයක් අතිවන්නේ නැහැ.

මේ අවස්තාවට MSI Taiwan සමාගම නියෝජනය කරමින් mark Lee සහ Felix එක්වූ අතර Abans සමාගම නියෝජනය කරමින් සන්නාම කළමනාකරු ටිලාන් තෙන්නකෝන් මහතා සහ Abans IT හි කළමණාකරු චතුර ජයවර්ධන මහතා සහාභාගී විය. MSi සමාගම මේ අවස්ථාව ආවරණය කිරීමට ලංකාවේ පරිගණක දැනුම නව මුහුණුවරකින් ලබාදෙන pcguidelk තෝරාගෙන තිබීම වසර දෙකක කාලයක් තුල අප ලබාදී තිබෙන සේවාව සහ එහි ගුණාත්මකභාවය ගැන ඇති විශ්වාසය පල කරන්නක් බව පැවිසිය යුතුමයි.
Abans එකේ කියන්නේ GF63 model එකේ තියෙන්නේ gtx 1050 ti vga එකක් කියලා. හරියටම දැනගන්න විදිහක් නැද්ද??
මේ ලිපියෙ තියෙන්නෙ Abans එකෙන් දුන්න Leaflet එකක තොරුතුරු. ලගම තියෙන Abans Showroom එකෙන් තමයි දැනගන්න වෙන්නෙ එයාල දැන් ඉදිරිපත් කරන Model වල වෙනසක් තියෙනවද කියල
aiye mata buy karanna one Msi GL63 Lap ekak,
Mama Gl63 8Rc i7 lap eka gattothda hoda nathnam GL63 8RD i5 lap eka gannada.Mata me deke Difference eka therenne naa
Which one is the Best?
MSI GL63 8RD i5
or
MSI GL63 8RC i7
Very Urgent
MSI Budget Build ekak karanna puluwnda MSI MB,MSI Graphic card dala Gaming walata….
අයියා පොඩි හෙල්ප් එකක් දෙන්න. මට architectural designing rendering, graphic design වලට gf75 lap එක අවුලක් නැද්ද? මගේ budget එකට ඒක select කරේ. ඒකේ heavy use කරල මේ වැඩ ටික කරන්න පුලුවන්ද? ලොකු උදව්වක් ගන්න කලින් විස්තරයක් දැනගන්න පුලුවන්නම්. මොකද කාලයක් පාවිච්චි කරන්න ගන්න නිසා. Thank you අයියා උවව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. මේ ගැන අහන්න කෙනෙක් නෑ.
Mama baluwe ASUS rog zephyrus G15 GA503 lap ekak
Oyala me Asus brand ewa karanawada
Mekata samana MSI Ekak thiyanawada
Abans haraha gewanna ganna puluwanida