Press ESC to close

ඇමරිකාවත් එපා කියන Tik Tok

තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සදහන් කරමින් Chinese Apps විශාල ගණනක් ඉන්දියාව තුල තහනම් කිරීම නිසා ජනප්‍රිය TikTok වෙත එල්ල වූ පීඩනය තවත් දැඩි කරමින් ඇමරිකාව තුලත් TikTok තහනමකට සූදානම් වෙනවා.

ඇමරිකානු ජනාධිපති Donald Trump පසුගිය සිකුරාදා (31-7-2020) පවසා සිටියේ දින කිහිපයක් තුල TikTok App එක ඇමරිකාව තුල තහනම් කිරීමට පියවර ගන්නා බවයි. මෙය කිසිවෙක් නොසිතූ ආකාරයේ ප්‍රකාශයක් වීම විශේෂත්වයක්.

Get Your Site Up with A2 Hosting

TikTok App එක චීනයට සම්බන්ධ බැවින් ඒ හරහා චීන රජයට හා හමුදාවට තොරතුරු රැස් කල හැකි බවත්, මේ නිසා ඇමරිකාව තුල චීන නිෂ්පාදන හා සේවාවන් අහෝසි කිරීමක් සිදු කරන බවත් ඇමරිකාව පවසනවා.

මේ සමගම ඉන්දියාව තුල මෙන්ම ඇමරිකාව තුලත් TikTok නිසා ජනප්‍රිය තරු බවට පත්වූ සියල්ලන් තම TikTok ගිණුම් හරහා අවසන් පණිවිඩ මෙන්ම තම Youtube, Instagram වැනි Social platform වලට එක්වන ලෙස ප්‍රකාශයන් නිකුත් කලා.

කෙසේ වෙතත් මෙය තවමත් ස්ථිරව ප්‍රකාශයට පත්වී නැති අතර, එක් අයකුගේ තනි කැමැත්ත මත මෙවන් කල දෙයක් නොහැකියි. මේ නිසා Donald Trump ජනාධිපතිවරයා කුමන බලතල භාවිතා කරමින් මෙම තහනම සිදු කරන්නේ දැයි ඇමරිකානු මාධ්‍යය තුල පවා සාකඡ්චා වෙමින් පවතිනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *