Home Tech News Apple Music වෙත එක්වෙන නවතම karaoke mode
Tech NewsUpdates

Apple Music වෙත එක්වෙන නවතම karaoke mode

Share
blank
Share

මෙම සතියෙ මුල Apple සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ Apple Music සදහා karaoke mode එකක් හදුන්වා දෙන බවයි මෙය “Apple Music Sing” ලෙස හදුන්වා දී තිබෙනව. මෙහි ඇති real-time lyrics සහ vocals වල ශබ්දය අඩු වැඩි කරගනිමින් පරිශීලකයාට තමන්ගේ කටහඩ හොදින් ඇසෙන පරිදි සැකසුම් හදාගෙන මෙය බාවිතා කරන්න පුලුවන්.

මෙහි අන් අය සමඟ ගායනා කිරීම පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග කිහිපයක් තිබෙනව. Apple සමාගමට අනුව පසුබිම් ගායනය ප්‍රධාන ගායනයෙන් ස්වාධීනව දිස්විය හැකි අතර ඔබට මිතුරෙකු සමඟ ගායනා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා duet view එකක්ද ඇත. දැනට Apple සතුව පරිශීලකයන්ට තෝරා ගත හැකි karaoke-ready ගීත ඇතුළත් “dedicated companion playlists” 50කට වඩා ඇත.

Apple Music සහ Beats හි උප සභාපති Oliver Schusser මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Apple Music’s Lyrics අත්දැකීම නිරන්තරයෙන් ඔවුන්ගේ සේවාවේ වඩාත්ම ජනප්‍රිය විශේෂාංග වලින් එකක් බවයි.

මෙම Apple Music Sing මෙම මස අවසානයේදී Apple Music subscription එකක් ලබාගෙන ඇති පරිශීලකයන් සදහා නිකුත් කරන බව එම සමාගම නිවේදනය කර තිබෙනව. මෙය සියලුම iPhones සහ iPads වලට සහය දක්වන අතර එය Apple TV මගින් බාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා නවතම Apple TV 4K තිබීම අනිවාර්යය වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...