Windows 10 වලට නිකුත් වෙච්ච අළුත්ම KB4535996 update එකෙන් Windows 10 අවුල් වෙන්න පුළුවන් කියල Microsoft සමාගමෙන් අනතුරු ඇගවීමක් කරල තියෙනව.
මේ Update එක නිසා Drivers install කරද්දි ඒව හරියට Install නොවෙන ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම PC එක on වෙන්න ගත වෙන වෙලාව අසාමාන්‍ය ලෙස වැඩිවෙන එක සහ PC එක කිසිම හේතුවක් නැතුව Boot වෙන්නෙ නැති එකත් වෙන්න පුළුවන්.

මීට අමතරව Blue Screen Error එක වගේම PC එක Slow වීම” HDD Usage 100% යන එකත් සිද්ද වෙන්න පුළුවන්. මේ ගැටළුවට තැමත් විසදුමක් Microsoft සමාගමෙන් දීල නැහැ.
ඔයාටත් මේ ගැටව එනව නම්, මේ Update එක ඇවිල්ල නම් ඒක uninstall කරගන්න මෙන්න මේ පියවර අනුගමනය කරන්න.
- Start –> Settings –> Update & Security –> View Update History
- මේකෙ උඩින්ම තියෙන uninstall updates කියන කොටසට යන්න.
- KB4535996 Update එක ඇවිල්ල නම් ඒක uninstall කරන්න.















මෙහෙම කරාට වැඩක් නැහැනෙ ඊලග update check එකෙන් ආය මේවා install වෙනවනෙ 😕
මටත් මේ අවුල තියනවා 😒😑😑
uninstall updates list eke na eth update hostory eke me update eka tyenw eka ain krgnne kohomada ?
Issue eka ava,unistall updates vala me kiyana update name ekama na,march vala apu update eka unistall karama harida?