Home Tech News දැන් Instagram profile එකට ඔබ කැමති තේමා ගීතයක්
Tech News

දැන් Instagram profile එකට ඔබ කැමති තේමා ගීතයක්

Share
instagram-music-profile
Share

මෙටා සමාගමෙන් Instagram වෙත අලුත් විශේෂාංගයක් හදුන්වා දී තිබෙනවා. ඒ තමයි අපේ profile එකට music ඇඩ් කිරීමේ හැකියාව.

මෙය සිදුකරන්න කලයුත්තෙ edit profile වෙත ගොස් Instagram library එකෙන් ඔබට ඇඩ් කරගැනීමට අවශ්‍ය ගීතය සොයාගැනීමයි. එනම් ඔබ Instagram stories හෝ Reels නිර්මානය කිරීමේදී ගීතයක් තෝරාගන්නා ආකාරයටමයි. ඒ ආකාරයට තෝරාගත් ගීතයෙන් තත්පර 30 කොටසක් ඔබට අවශ්‍ය පරිදි තෝරගන්න පුලුවන්.

ඉතින් මේ විශේෂාංගයේදී ඔබ තවත් අයෙකුගේ profile එකකට ගිය විට මෙසේ ඇඩ් කර ඇති ගීත ඉබේ ප්ලේ වෙන්නෙ නැහැ. ඒ සදහා ඔබට profile එකෙ දිස්වන ගීතය මත ක්ලික් කර ප්ලේ කිරීමට සිදුවෙනවා. මේ ආකාරයට දිස්වන ගීත ඔබට අවශ්‍ය ඕනෑම විටක ඉහත විස්තර කල ආකාරයට ගොස් වෙනස් කරගන්න පුලුවන්.

මේ ආකාරයේ විශේෂාංගයක් එක්කර තිබෙන්නෙ එක් එක් පුද්ගලයන්ගෙ ගීත රසවින්දනය පෙන්වීම මගින් එක සමාන රසවින්දනයන් සහිත පිරිස් එක් කිරීමත් පරිශීලකයන්ගේ creative expressions විදහා දැක්වීමටත් බවයි මෙටා සමාගමෙන් සදහන් කර තිබෙන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...