Home Tech News Internet OpenSea වෙබ් අඩවියෙන් ඩොලර් මිලියන 1.7 ක් වටිනා NFTs සොරා ගැනේ
InternetTech Newswebsites

OpenSea වෙබ් අඩවියෙන් ඩොලර් මිලියන 1.7 ක් වටිනා NFTs සොරා ගැනේ

Share
blank
Share

පසුගිය සෙනසුරාදා ප්‍රසිද්ධ NFT වෙලඳපොලක් වන OpenSea වෙබ් අඩවියෙන් NFTs සිය ගණනක් ප්‍රහාරකයින් පිරිසක් විසින් සොරාගෙන තියනවා. Blockchain ආරක්ෂක සේවාවක් වන PeckShield පල කරපු වාර්තාවකට අනුව OpenSea ගිණුම් 32 ක් ඉලක්ක කරල Decentraland සහ Bored Ape Yacht Club වැනි tokens 254 ක් මෙලෙස සොරාගෙන තියනවා. මේ ප්‍රහාරයන් වැඩි කොටසක් වෙලා තියෙන්නෙ ලංකාවෙ වෙලාවෙන් උදේ කාලයේ. මේ සොරකම් කරන ලද tokens වල මුළු වටිනාකම ඩොලර් මිලියන 1.7 කට වඩා වැඩි වෙන්න පුලුවන් කියල වාර්තා වෙනවා.

මේ ප්‍රහාරය සිදු වෙලා තියෙන්නෙ OpenSea භාවිතා කරන Wyvern Protocol හි ඇති නම්‍යශීලී බවක් exploit කරල කියලයි වාර්තා වෙන්නෙ, Wyvern Protocol එක කියන්නෙ Ethereum blockchain එක මත ක්‍රියාත්මක වෙන බොහෝ NFT smart contracts භාවිතා කරන open-source standard එකක්. මේ ප්‍රහාරය සිද්ධ වුනේ කොහොමද කියල විස්තරයක් OpenSea ප්‍රධාන විධායක අධ්‍යක්ෂ Devin Finzer විසින් tweet කරල තිබුනා.

මෑත කාලයේ ඇතිවුන NFT boom එක හේතුවෙන් වටිනාම සමාගමක් වූ OpenSea, ඩොලර් බිලියන 13ක් පමණ වටිනාකමකින් යුක්ත වෙනවා. මේ වෙබ් අඩවියෙන් users ලට කෙලින්ම blockchain එකත් එක්ක සම්බන්ධ නොවී සරල අතුරුමුහුණතක් භාවිතා කරල NFT බැලීමට, ඒවාට ලංසු තැබීමට සහ මිලදී ගැනීමට හැකියාව ලබාදෙනවා. OpenSea සමාගමේ සාර්ථකත්වයත් එක්ක ඒකට හුඟක් ආරක්ෂක ප්‍රශ්නත් ඇවිල්ල තියනවා. විවිධ ප්‍රහාකරකයන් විසින් පරණ contracts සහ වෙනස් කරන ලද tokens භාවිතා කරල users ලගෙ වටිනා NFTs සොරාගැනීමේ ප්‍රයන්ත මීට කලිනුත් වෙලා තියනවා.

ප්‍රහාරය සිදු වන විට OpenSea විසින් සිය contract පද්ධතිය යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටි නමුත්, ප්‍රහාරයට හේතුව යාවත්කාලීන වූ contacts නිසා ඇති වුනා කියන එක OpenSea විසින් ප්‍රතික්ෂේප කරල තිබෙනවා. සාපේක්ෂව කුඩා ඉලක්ක සංඛ්‍යාවක් මෙවැනි අවදානමක් නිසා ඇති වෙන්න බෑ කියලත්, මොකද මුලු වෙබ් අඩවියේම දෝෂයක් මීට වඩා විශාල පරිමාණයෙන් ප්‍රහාරකයින් භාවිතා කරන්න ඉඩ තිබුන කියල ඔවුන් තර්ක කරනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...