Home Games COD WARZONE Game එක Play කරන්න ඕන මොනවද?
GamesTech News

COD WARZONE Game එක Play කරන්න ඕන මොනවද?

Share
blank
Share

Call of Duty Warzone කියන්නෙ Activision එකෙන් Release කරපු Battle Royale Mode එකේ FREE to PLAY PC GAME එක. මේක Play කරන්න අවශ්‍ය වෙන PC Requirements බලමු.

අවම පහසුකම්නිර්දේශිත පහසුකම්
OSWindows 7 64 bitWindows 10 64 bit
CPUCore i3 - 4340 / AMD FX - 6300Core i5 - 2500K / AMD RYZEN R5 1600X
RAM8GB12GB
HDD175GB175GB
Download Size80GB80GB
Graphic CardGTX 670 / Radeon HD 7950 / GTX 1650GTX 970 / R9 390 / RX 580 / GTX 1660
Internet4G / ADSL / Fibre4G / ADSL / Fibre

මේ තියෙන Requirements වලින් Game එක ගහන්න පුළුවන්. මෙතනදි අවම අවශ්‍යතාවට දීල තියෙන්නෙ 720p වගේ Screen Resolution එකකින් Graphic Quality එක Low කරල Game එක ගහන්න අවශ්‍ය Configuration එක.

Game Play බලන්න අපේ gaming Channel එකට එන්න – pcguidelk gaming

Game එක Download කරගන්න විදිහ

ඔයාලට මේ Game එක Play කරන්න Activision Account එකක් ඕන වෙනව. මේක නොමිලේ හදාගන්න පුළුවන්. ඒ වගේම මුලින්ම කරන්න ඕන Battlenet App එක PC එකට install කරගන්න එකයි. (මේක 180MB වගේ වෙනව) මේ Game එක නොමිලේ දුන්නට Download size එක නම් සෑහෙන ලොකුයි. මේ නිසා Game එක Download කරගත්ත අයගෙන් ඒක Copy කරගන්න පුළුවන් නම් ඒ හරහාත් Game එක දාගන්න පුළුවන්.

(Game එක Copy කරගෙන තියෙනවනම් මුලින්ම Battlenet App එක දාගෙන WARZONE Download කරන්න පටන් ගන්න. 500MB වගේ Download උනාම Pause කරල battlenet App එක Exit කරන්න. ඊට පස්සෙ Game File ටික Copy කරගන්න. දැන් Battlenet App එක On කරල Resume කරාම Online File Check එකක් යයි. ඊට පස්සෙ Game එක play කරන්න පුළුවන්.

Game Modes

Multiplayer විතරයි තියෙන්නෙ. Activision වගේ AAA Game Developer කෙනෙක් හදල තියෙන නිසා මේකෙ Animation, Models, Sounds හැම දෙයක්ම සුපිරි මට්ටමේ තියෙනව. මෙතනදි BATTLE ROYALE සහ PLUNDER විදිහට Game Modes දෙකක් වගේම එක MAP එකක් තියෙනව.

එක වටයකදි Players ල 150ක් Map එකට Drop වෙනව. මෙතනදි Game එක ගහන්නෙ SOLO / DUO / 3 Player SQUAD කියන එක විදිහකින්. එකතු වෙන අයට Parachute එකකින් Drop වෙන්න පුළුවන්. ඒ වගේම Drop වෙන අතරමග Parachute එක අකුලගෙන පහතට වේගයෙන් ඇවිත් ආයෙත් දිග ඇරගන්න පුළුවන් නිසා සෑහෙන Control එකක් තියෙනව.

Game එකට ඔයා යන්නෙ Pistol (Side Arm) එකක් එක්ක. ඒ නිසා යම්කිසි ආරක්ෂාවක් ලබාගන්න පුළුවන් Main Weapon එකක් හොයගන්නකම්. හැබැයි Side Arm එකෙන් සෑහෙන Damage එකක් කරන්න නම් Head shots ම තියන්න වෙනව. ඔයාට Weapons දෙකක් අරන් යන්න පුළුවන්. Weapons වලට වෙනම Scopes / Attachments ගන්න බැහැ. Weapon එක pick කරද්දි තියෙන දේවල් විතරයි. මේ නිසා  අළුත් Powerful Weapon එකක් තියෙනවනම් තමන්ගාව තියෙන එක අයින් කරන්න ඕන. ඒ වගේම Ammo තියෙන්නෙ Pistol / SMG / shotgun සහ LMG විදිහට. ලොකු Bullet ප්‍රමාණයක් නැහැ තෝරගන්න.

ඔයාට Armour එක විදිහට Armour Plates දාගන්න පුළුවන්. මෙතනදි Armour Plate 3ක් දාගෙන ඔයාට වෙන Damage එක සෑහෙන අඩුකරගන්න පුළුවන්. ඒ වගේම අපි Enemy කෙනෙකුට වෙඩි තියනතෙකාට එයාගෙ Armour plate එක Damage වෙද්දි ඒක Visual සහ hit sound එකෙන් දැනගන්න පුළුවන්.

ගේම් එක ඇතුලෙ Shops සහ Supply Crates තියෙනව. මෙතනදි Game එක ඇතුලෙදි අපිට සල්ලි එකතු කරගන්න පුළුවන් (මේව තැන් තැන්වල වගේම Supply Crate වලත් තියෙනව) මේ සල්ලි (in game cash) වලින් අපිට Shop එකකට ගිහිල්ල Kill Streaks වගේම Revive කරගන්න Solution ගන්න පුළුවන්.

Game එකේදි අපිට වෙඩි වැදුනොත් ඔයාග‍ෙTeam mate කෙනෙකුට සුළු කාලයක් තුල ඔයාව Revive කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගත්ත Revive එකකින් Revive එකක් ප්‍රෙයා්ජනයට ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා game එක ඇතුලෙ මැරුනොත් ඔයාව Gulag එකට යනව. (Gulag කියන්නෙ COD – Modern warfare 2 එකේදි අපිට දැකගන්න ලැබෙන රුසියානු වධකාගාරයක් Prison එකක්.) මේකට ගියාම අපිට Game එකේදි Dead වෙච්ච අනෙක් Players ල එක්ක  one on one Match එකක් ගහන්න දෙනව. මේකෙන් දිනුවොත් අපිට ආයෙත් Batlle zone එකට යන්න පුළුවන්.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

7 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...