Press ESC to close

WhatsApp Instagram Facebook බිද වැටේ

WhatsApp, FaceBook සහ Instagram සේවාවන් මේ මොහොත (2021 Oct 4 – 9.50PM) වන විට වාර්ථා වන ආකාරයට මුළු ලෝකයටම හෝ විශාල පිරිසකට අක්‍රියව පවතිනව. මෙය තවත් විශාල කාලයක් බල නොපැවැත්වෙනු ඇති බවට විස්වාශ කලහැකියි.

මෙම බිදවැටීම පාඩම් කිහිපයක්ම යලි මතක් කරදීමට සුදුසු අවස්ථාවක් ලෙසත් සලකන්න පුළුවන්. එකම ආයතනයක් සතුව මෙවන් ජනප්‍රිය සේවාවන් කිහිපයක්ම පැවතීම නිසා සහ එම සේවාවන් එකිනෙක සම්බන්ධව තිබීම නිසා මෙම සේවාවන් පවතින්නේ එකම Server system එකක් තුලයි. මේ නිසා එක් බිදවැටීමකින් මෙම සේවාවන් සියල්ල නැවතී යා හැකියි.

Get Your Site Up with A2 Hosting

තමන්ගේ Personal, Business සහ Communication සදහා මෙම Platform පමණක් භාවිතා කරන අයට මෙවන් බිදවැටීමකදී තම සම්බන්ධතා පවත්වාගැනීම අමාරු වෙනවා. ඒ වගේම මෙම සේවාවන් Block කිරීම හරහාත් මෙම Platform තුලින් සිදුවන Communication නැවැත්විය හැකියි.

මේ නිසා වෙනත් Communication Apps භාවිතයට හුරුවීම වැදගත්. එහිදී එක් Platform එකක් බිදවැටීමකදී ඔබ සහ ඔබ දැන් ගනුදෙනු කරන සියල්ලන් දෙවන Platform එක මතත් සිටින නිසා ගැටළු අවම වෙනවා. SignalTelegram වැනි Apps භාවිතය සදහා හුරුවීම වගේම Backup option එකක් ලෙස හෝ සියළු දෙනා මෙවන් App එක්ක Install කර තබාගැනීම වැදගත් වෙනවා.

Priya-PCguide

Tech lover, unboxing, review & creative. pcguide.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *