Home Games 2022 සිට PUBG ක්‍රීඩාව නොමිලේ ක්‍රීඩා කිරීමට හැකියාව
GamesTech News

2022 සිට PUBG ක්‍රීඩාව නොමිලේ ක්‍රීඩා කිරීමට හැකියාව

Share
blank
Share

පසුගිය දවසක තිබුන 2021 Game Awards එකේදි Krafton සමාගම නිවේදනය කරා මුල්ම PlayerUnknown’s Battlegrounds (PUBG) පරිගණක ක්‍රීඩාව 2022 ජනවාරි 12 සිට නොමිලයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙන බව.

2017දි early access සංස්කරණයක් ලෙස Steam හරහා නිකුත් වුන PUBG ඉතා ඉක්මනින්ම ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. මේ ජනප්‍රියතාව හේතුවෙන් Epic Games වගේ වෙනත් සමාගම් පවා මේ Battle Royale වර්ගයේ පරිගණක ක්‍රීඩා සංවධනය කරා. එසේ සංවර්ධනය කරපු පරිගණක ක්‍රීඩාවක් තමයි Fortnite: Battle Royale කියන්නෙ. ඒක නොමිලේ ක්‍රීඩා කිරීමට හැකියාව තියෙන නිසා මේ වෙද්දි අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් බවට පත් වෙලා තියනවා. Call of Duty සංවර්ධකයන් වෙන Activision Blizzard පවා නොමිලේ ක්‍රීඩා කල හැකි Battle Royale වර්ගයේ ක්‍රීඩාවක් සංවර්ධනය කරන්න හේතු වුනේ මේ කරුණුයි.

PUBG ජනවාරි 12 සිට නොමිලයේ ක්‍රීඩා කරන්න ලැබුනත් ක්‍රීඩාවේ ඇති සමහර අංග lock කිරීමකට ලක් වෙනව කියල සඳහන් වෙනවා. ranked සහ custom match modes, විශේෂ in-game items සහ තවත් දේවල් unlock කරන “Battlegrounds Plus” නමින් account එක upgrade කිරීමේ option එකක් අවශ්‍යනම් ඩොලර් 12.99 කට මිලදී ගන්න පුලුවන්. දැනටමත් PUBG මිලදී ඇති පිරිසට “Battlegrounds Plus” සමග තවත් in-game items ඇතුලත් විශේෂ “Commemorative Pack” එකක් ලබාදෙන්න Krafton සංවර්ධකයින් සූදානමින් ඉන්නවා.

විවිධ පාර්ශව වලින් තරඟයක් තිබුනත් මුල් PUBG ක්‍රීඩාව තවමත් ජනප්‍රියයි. එය නිකුත් වුන දවසෙ ඉඳල මේ වෙද්දි PUBG පිටපත් මිලියන 75ක් පමණ අලෙවි වෙලා තියනව කියල Krafton හි creative director වෙන Dave Curd පවසා සිටිනවා. ඒ ආයතනයම සංවර්ධනය කරපු PUBG Mobile කියන්නෙ ලෝකයේ තියන ලොකුම mobile game එකක්. නොමිලේ ක්‍රීඩා කරන්න හැකි PUBG Mobile මේ වෙද්දි බිලියන වාරයකට වඩා download වෙලා තියෙනවා. Krafton විසින් මෑතකදි තමන්ගෙ අලුත්ම mobile game එක වෙන PUBG: New State නිකුත් කරා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...