- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

පසුගිය දවසක තිබුන 2021 Game Awards එකේදි Krafton සමාගම නිවේදනය කරා මුල්ම PlayerUnknown’s Battlegrounds (PUBG) පරිගණක ක්‍රීඩාව 2022 ජනවාරි 12 සිට නොමිලයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙන බව.

2017දි early access සංස්කරණයක් ලෙස Steam හරහා නිකුත් වුන PUBG ඉතා ඉක්මනින්ම ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. මේ ජනප්‍රියතාව හේතුවෙන් Epic Games වගේ වෙනත් සමාගම් පවා මේ Battle Royale වර්ගයේ පරිගණක ක්‍රීඩා සංවධනය කරා. එසේ සංවර්ධනය කරපු පරිගණක ක්‍රීඩාවක් තමයි Fortnite: Battle Royale කියන්නෙ. ඒක නොමිලේ ක්‍රීඩා කිරීමට හැකියාව තියෙන නිසා මේ වෙද්දි අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් බවට පත් වෙලා තියනවා. Call of Duty සංවර්ධකයන් වෙන Activision Blizzard පවා නොමිලේ ක්‍රීඩා කල හැකි Battle Royale වර්ගයේ ක්‍රීඩාවක් සංවර්ධනය කරන්න හේතු වුනේ මේ කරුණුයි.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

PUBG ජනවාරි 12 සිට නොමිලයේ ක්‍රීඩා කරන්න ලැබුනත් ක්‍රීඩාවේ ඇති සමහර අංග lock කිරීමකට ලක් වෙනව කියල සඳහන් වෙනවා. ranked සහ custom match modes, විශේෂ in-game items සහ තවත් දේවල් unlock කරන “Battlegrounds Plus” නමින් account එක upgrade කිරීමේ option එකක් අවශ්‍යනම් ඩොලර් 12.99 කට මිලදී ගන්න පුලුවන්. දැනටමත් PUBG මිලදී ඇති පිරිසට “Battlegrounds Plus” සමග තවත් in-game items ඇතුලත් විශේෂ “Commemorative Pack” එකක් ලබාදෙන්න Krafton සංවර්ධකයින් සූදානමින් ඉන්නවා.

විවිධ පාර්ශව වලින් තරඟයක් තිබුනත් මුල් PUBG ක්‍රීඩාව තවමත් ජනප්‍රියයි. එය නිකුත් වුන දවසෙ ඉඳල මේ වෙද්දි PUBG පිටපත් මිලියන 75ක් පමණ අලෙවි වෙලා තියනව කියල Krafton හි creative director වෙන Dave Curd පවසා සිටිනවා. ඒ ආයතනයම සංවර්ධනය කරපු PUBG Mobile කියන්නෙ ලෝකයේ තියන ලොකුම mobile game එකක්. නොමිලේ ක්‍රීඩා කරන්න හැකි PUBG Mobile මේ වෙද්දි බිලියන වාරයකට වඩා download වෙලා තියෙනවා. Krafton විසින් මෑතකදි තමන්ගෙ අලුත්ම mobile game එක වෙන PUBG: New State නිකුත් කරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here