Home Tech News Phones Huawei දුරකතන වලට එන, කවුද මේ JIN ?
PhonesTech News

Huawei දුරකතන වලට එන, කවුද මේ JIN ?

Share
blank
Share

Huawei සමාගම, එළඹෙන Nova 15 ස්මාර්ට්ෆෝන් සීරිස් එක සඳහා “Nova JIN” නමින් නව AI වැඩසටහනක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. මේ ගැන සමාගම විසින් නිකුත් කළ teaser එකක් හරහා, Nova 15 දුරකථනවල AI අත්දැකීම තවත් ඉදිරියට ගෙන යන නව පියවරක් ගැන ඉඟි ලබා දී තිබෙනවා.

“Novo JIN” ලෙස හැඳින්වෙන මේ AI මිතුරා, සම්ප්‍රදායික voice assistant එකකට වඩා, visual සහ interactive AI character එකක් ලෙස පෙනී සිටින බව teaser එකෙන් පැහැදිලි වෙනවා. එය රොබෝ සංකල්පයකට සමාන හැඩතලයක් ගන්නා අතර, දිග ඇඟිලි, සරල ශරීර ආකෘතිය සහ Nova සීරිස්වලට සම්බන්ධ වර්ණ රටාවක්ද දකින්න ලැබෙනවා.

දැනට සමාගම “Nova JIN” කරන කාර්යයන් පිළිබඳව සම්පූර්ණ විස්තර නිකුත් කරලා නැහැ. නමුත්, මේ දුරකථනයේ දෛනික භාවිතයට සහාය වන AI companion එකක් වශයෙන්, reminders, smart suggestions, system interactions සහ personalization වැනි කාර්යයන් සඳහා භාවිතා කරන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Huawei Nova 15 සීරිස් එක තුළ Nova 15, Nova 15 Pro සහ Nova 15 Ultra වගෙ variant ඇතුළත් වන බවට වාර්තා වෙනවා. මේ දුරකථනය නව Kirin chipsets, වැඩි දියුණු කළ කැමරා හැකියාවන් සහ Harmony-OS පදනම් වූ software අත්දැකීමක් සමඟ නිකුත් වීමට නියමිතයි. Nova JIN AI මිතුරා එම ecosystem එකේ අලුත්ම AI අංගයක් ලෙස එක්වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...