Press ESC to close

Call Of Duty Black Ops සහ Warzone එක් වෙයි

Activition සමාගම විසින් Call of Duty Black Ops සහ ඔවුන්ගෙ ජනප්‍රියම Call of Duty Multiplayer platform එක වෙන Warzone Battle royal mode එක සම්බන්දකිරීමට තිරනය කොට තිබෙනව.

සුප්‍රසිධ්ද් පරිගනක ක්‍රීඩා එලි දක්වන සමාගමක් වෙන අප කවුරුත් දන්නා Activition සමාගම විසින් ඔවුන්ගෙ ප්‍රදානතම AAA Title එක වෙන Call of Duty කතා මාලාවේ නවතම සංස්කරන වෙන Call of Duty Black ops Cold War පරිගනක ක්‍රීඩාව නොවැම්බර් මස 17 වෙනිදා එලිදැක්වීමට කටයුතු යොදා තිබෙනව. එහි Close Beta සහ Open BETA Multiplayer අත්දැකීමද ලොව පුරා Call of Duty රසිකයන් හට පසුගිය ඔක්තෝඹර් මස 15 වෙනි දා සිට දින කිහිපයක් ලොව පුරා සිටින සියලුම පරිගනක සහ Console ක්‍රීඩා කරන්න හට ලබා දීමට කටයුතු කොට තිබුනා.

Get Your Site Up with A2 Hosting

මෙම Call of Duty Black OPS COLD WAR පිලිබදව නවතම ආරන්චිය පසුගිය දා වාර්තාවුනා. ඒ Activition සමාගම විසින් ඔවුන්ගේ මීට පෙර පසුගිය වසරේ නිකුත් කරනු ලැබූ Call of duty Modern Warfare 2019 කියන පරිගනක ක්‍රීඩාව සදහා Battle Royal Mode එකක් ලෙස එක් කරන ලද Warzone Battle royal mode එක පිලිබදව. ලොව පුරා රසිකයන් මිලියන ගනනක් මෙම Mode එක Download කර ඇති අතර දැනටත් AAA Title හි තිබෙන හොදම Multiplayer Game වලින් ද එකක් වෙනව, එය ජනප්‍රිය වීමට විශේශ හේතුවක් ලෙස මෙය ඕනෑම කෙනෙක්ට Download කර Play කර හැකි වෙන ආකරයෙ Free to Play මොඩ් එකක් ලෙස එලිදැක් වීම විශේශත්වයක් දක්වනවා, මෙය සියලු දෙනාට දැනට Download කරගැනීමට Blizzad Game Launcher එක හරහා හැකියාව තිබෙන අතර මෙය ලබාදෙන්නෙ ඔවුන් Call of Duty Modern Warfare 2019 හි කොටසක් ලෙසයි, කෙසේ වෙතත් නවතම ආරන්චි මාර්ග අනුව එය මීලගට වෙනස් වීමට නියමිත බවට පසුගියදා Activition සමාගම ප්‍රකාශ කොට තිබෙනවා. එනම් දැනට මෙය තිබෙන Cod Modern Wafare 2019 හින් ඉවත් කොට නවතම එලිදැක්වීමට නියමිත Call of Duty Black Ops Cold War සමග ඒකාබද්ද කිරීමට කටයුතු කරන බව සහ එහිදී තව දුරටත් Cod Moder warfare 2019 හරහා Warzone mode එකට පිවිසීමට නොහැකි වන අතර පරිශීලකයා හට Cold War හරහා warzone mode එකට ඇතුල් වීමට හැකියාව සලසන බවට කියා සිටිනවා. ( මෙය Warzone Mode එක පමනක් play කරන අය සදහා අදාල නොවේ )

මෙම එක් කිරීම ඔවුන් සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේදී බවට වාර්තා වූවත් තවමත් නිසි ආකාරයෙන් දිනයක් සදහන් කර නැත. Cod Modern Warfare 2019 යනු Activition සමාගමේ Game Developing සමාගමක් වෙන Infinity Ward යන සමාගම මගින් නිශ්පාදනය කරල ලද ක්‍රීඩාවක් වන අතර නවතම COD COLD WAR ක්‍රීඩාව Activition සමාගමේ තවත් Game Developing සමාගමක් වෙනTreyarch යන සමාගම විසින් නිශ්පාදනය කරන්නකි.

සමාගම් දෙකක් නිසාවෙන් යම් හෙයකින් මෙම ක්‍රමය සාර්තකව කරගැනීමට ඔවුන් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිලිබද පරිශීලකයන් වැඩි අවදානයකින් බලා සිටින බවනම් නොවනුමානය.

Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *